භාරතයේ අසහාය සාහිත්‍යධරයානෝ: රවින්ද්‍රනාත් තාගෝර්තුමා ගැන දැනගනිමු



නුතන සාහිත්‍ය විමසා බලන කළ රවීන්ද්‍රනාත් තාගෝර් නාමය කිසිවිටෙක අමතක කළ නොහැක්කකි. එතුමා මුළුමහත් භාරතයේ පමණක් නොව ලෝක සාහිත්‍යයයේද අමරණිය පුද්ගලයෙකි. ඉන්දියානුවන් එතුමා හදුන්වන්නේ ගුරුදේව යන ආදරණිය නාමයෙනි. හෙතෙම චින්තකයකු ලෙසද අතිශය ගෞරවයට පාත්‍ර වුයේය.

1913 වසරේදී සාහිත්‍ය සදහා වූ නොබෙල් ත්‍යාගයෙන් පුදනු ලැබුයේ රවීන්ද්‍රනාත් තාගෝර්තුමාය. මෙතුමාගේ ලේඛන බෙංගාල සංස්කෘතියේ ප්‍රතිමාවක් බවට පත්වූ අතරම ඒවා ඉන්දීය භාෂා සියල්ල කෙරෙහිද අපරදිග බොහෝ ලේඛකයන් කෙරෙහිද බලපෑම් ඇති කරලීය. රවින්ද්‍රනාත් තාගෝර්තුමා ලේඛනයේ යෙදුනේ බෙංගාලී භාෂාව මුලික කරගෙනය. පසුකළ ඔහුගේ කෘතීන් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වූ අතර ඉංග්‍රීසි භාෂාවෙන්ද ලියු කෘතිද විය.

රවින්ද්‍රනාත් තාගෝර්තුමාගේ ජිවිත කතාව

කල්කටා නගරයේදී වංශවත් බෙංගාල පවුලක 1861දි තාගෝර් උපත ලැබිය. හෙතෙම කුඩා කළ ආයතනගත පාඨමාලා අධ්‍යාපනයට විරුද්ධ වූ අතර කිසිවිටෙක විධිමත් අධ්‍යාපනය ලැබීමට තාගෝර් අසමත් විය. කෙසේවුවද ඔහුගේ ප්‍රතිභාවය පිළිබිඹු කරමින් සිය ප්‍රථම කවිය එලි දක්වන විට ඔහුගේ වයස යන්තම් අවුරුදු 14ක් විය. මෙලෙස සාහිත්‍ය කලාවට පිවිසි තාගෝර් සිය 22 වන වියේදී එනම් 1883දි විවාහ දිවියට එලබුණේය. අනතුරුව තමාට පවුලෙන් උරුම වූ පාරම්පරික දේපල බලා කියා ගනිමින් බටහිර බෙංගාලයේ තාගෝර්ගේ ජීවිතය ගත විය.

මෙසේ කාලය ගත වෙද්දී 1901දි සිය පියාණන් භාවනා කිරීමේ හුදකලා තැනක් ලෙස යොදාගත් බෙංගාලයේ ශාන්ති නිකේතනයට පදිංචියට යාමට හෙතෙම තීරණය කළේය. 1902 වසරේදී එම ප්‍රදේශයේ පැවති අලංකාර ගැමි පරිසරය නිසාම පාසලක් අරඹන්නට තාගෝර් තීරණය කළේය.

1902 – 1907 කාලය තාගෝර් සිය දිවියේ වැඩියෙන්ම ශෝකයෙන් කාලය ගත කළ කාලය විය. ඊට හේතුව නම් ඔහුගේ බිරිද, පියා, පුත්‍රයා, දියණිය යන සියලුම දෙනා ඔහු අතහැර ජිවිතයෙන් සමු ගැනීමයි. මේ නිසාම තාගෝර් දැඩි කම්පාවට හා මානසික පිඩාවටද පත් වුයේය.

කෙසේවුවද සාහිත්‍යකරණයේ දිගටම නියැලුණු තොගොර්තුමාගේ ඉහත 1902 – 1907 කාලය තුල එළිදැක්වුණු නිර්මාණවල ආධ්‍යාත්මිකතාවයක් ගැබ්ව ඇති බව විචාරකයන්ගේ අදහසයි. මේ අතරතුර කාලයේ 1912 වසරේදී ලන්ඩනයේ මැක්මිලන් සමාගම තාගෝර්තුමාගේ පළමු පරිවර්තන කෘතිය වූ ‘ගීතාංජලීය’ ප්‍රකාශයට පත්කරනු ලැබිය. මේ කෘතිය තාගෝර්තුමා ජාත්‍යන්තර කීර්තියට පත්කරලු අතරම ලොව නන් දෙසින් එතුමාට දේශන සදහා ආරාධනා ලැබුනේය. මින් පසු සිය ජිවිත කාලය තුල ලොව තුල පුරා සංචාරය කිරීමට තාගෝර්තුමා අමතක කලේ නැත.

1918 වසරේදී මනුෂ්‍ය ස්වභාවය අධ්‍යනය කිරීම පිණිස ‘විශ්වභාරති’ නම් විශ්ව විද්‍යාලයක් ශාන්ති නිකේතනයේ ඇරබු තාගෝර්තුමා 1922 වසරේදී ග්‍රාම සංවර්ධන කාර්යය මූලස්ථානයක්ද ශාන්ති නිකේතනය සමීපයේ ආරම්භ කළේය.

ශාන්ති නිකේතනය 

මේ මහා සාහිත්‍යධරයා 1934 මැයි 20 දින ශ්‍රී ලංකාවට පැමිණි අතර එහිදී නැටුම්, ගැයුම්, වැයුම් අභාවයට යා නොදී රැක ගැනීම උදෙසා “පල්ලි” හෙවත් සිරිකත වෙසෙන තැන, යන නාමය ඇතිව හොරණ ශ්‍රී පාලි සෞන්දර්යය කලා ආයතනය බිහිකරලීමට තාගෝර්තුමා උර දුන්නේය.

භාරත දේශයේ උපන් මේ අසාහය සහිත්‍යධරයනෝ 1941 අගෝස්තු 07 දින සිය ජිවිතයෙන් සමුගන්නේ ලෝක සාහිත්‍යය තුල අමරණිය නාමයක් සනිටුවහන් කරමිනි.

(මේ ලිපිය සැකසුනේ කේ.ආර්.ආරියසිංහ මහතාගේ “ලොවේ ශ්‍රේෂ්ඨයෝ” කෘතිය පාදක කරගෙනය)


මෙම ලිපිය ඔබගේ මිතුරන්ටත් කියවීමට පහතින් ඔබගේ සමාජ ජාල ගිණුම් වෙත බෙදා ගැනීමටද අමතක නොකරන්න. එසේම අපගේ පහත ලිපිත් කියවන්න 





Share this

Related Posts

Previous
Next Post »

අපගේ ජනප්‍රියම ලිපි