පාංශු ව්යූහය බෝග වගාවට කෙසේ බලපාන්නේ දැයි විමසමු




මීට පෙර ලිපියකදී අප ඔබට වැදගත් පාංශු භෞතික ලක්ෂණයක් වන පාංශු වයනය පිළිබඳව වැදගත් කරුණු ගෙන ආවා ඔබට මතක ඇති. අද දිනයේ අප අවධානය යොමු කිරීමට සැරසෙන්නේ තවත් වැදගත් පාංශු භෞතික ලක්ෂණයක් වන පාංශු ව්යූහය පිළිබඳවයි.

පාංශු ව්යූහය(Soil Structure)

පාංශු ව්යූහය යනු ස්වභාවික තත්ව යටතේ පස් අංශු එකට එකතු වී සෑදී ඇති සමූහනවල රූපාකාරය හෙවත් ස්වරූපය ලෙස හැදින්විය හැකිය.

වැලි, මැටි හා රොන්මඩ යන අංශු සමූහනය වන්නේ පස් අංශු බන්ධනකාරක මගින් එකිනෙකට බැදීම තුළිනි. මෙම බන්ධන කාරක ලෙස කාබනික ද්‍රව්‍ය, ශාක හා සත්ත්ව ස්‍රාව, ජලය, මැටි හා කැල්සියම් ලවණ ආදිය ක්‍රියා කරයි.

මෙම පාංශු ව්යූහ ආකාර නිරීක්ෂණය කිරීම සදහා සාමාන්‍ය ගඩොල් කැටයක ප්‍රමාණයේ පස් කුට්ටියක් ගෙන දින කිහිපයක් පවනේ වේලෙන්නට හැර මීටර 1.5ක පමණ උසක සිට බිමට වැටෙන්නට සැලැස්වීම තුළින් කළ හැකිය. එහිදී ඔබට පස් කුට්ටිය සමූහනවලට කැඩී බිදී යනවා දැකිය හැකි වනු ඇත.

මෙලෙස වෙන්වන පාංශු සමූහනවල ස්වභාවික රූපාකාරය හොදින් නිරීක්ෂණය කළහොත් එමගින් එහි ව්යූහ ආකාර හදුනාගත හැකිවනු ඇත.

ලෝකයේ පස් කැටිතිවල රූපාකාරය විස්තර කිරීම සදහා පිළිගත් ආකාර 12කි. නමුත් ශ්‍රී ලංකාවේ දැකිය හැකි ප්‍රධාන ව්යූහ ආකාර 3කි. කණිකාමය, තනි කණිකා, ස්ථම්භික, අණු කෝණාකාර කුට්ටි හා කැටිති එම ආකාර හතරයි. මේවා අතුරෙන් බහුලවම දැකිය හැකි වන්නේ කැටිති(Crumb) ව්යූහයයි.




ප්‍රශස්ත අයුරින් ජලය හා වාතය රදවා ගත හැකිවීම හා මනා ජලවහනයකින් යුක්ත වීම හේතුවෙන් කැටිති ව්යූහය බෝග වගාවට වඩා සුදුසු වේ.


පසක ව්යූහය විනාශවන ආකාර

·         අනිසි ලෙස බිම් සැකසීම

·         පාංශු ඛාදනය අධික වීම

·         සෝඩියම් ලවණ අධික වීම

·         ජලවහනය දුර්වල වීම

පාංශු ව්යූහය ආරක්ෂා කිරීමට ගත හැකි පියවර

·         නිසි ආකාරයෙන් පාලනයකින් යුතුව බිම් සැකසීම

·         පාංශු සංරක්ෂණ හා පුනරුත්තාපන ක්‍රම යෙදීම

·         පසට කාබනික ද්‍රව්‍ය යෙදීම
(

(
(උපුටා ගැනීම - කෘෂි හා ආහාර තාක්ෂණය - 10 ශ්‍රේණිය ) 


දැන් ඔබට පාංශු ව්යූහය පිළිබඳව යම් දැනීමක් ලැබෙන්නට ඇතැයි මා සිතමි. මීලඟ ලිපිය තුළින් පාංශු භෞතික ලක්ෂණවල තවත් වැදගත් ලක්ෂණයක් වන පාංශු වර්ණය පිළිබඳව දැනුම ගෙන ඒමට අප සූදානම්. එතෙක් අපගේ අනෙකුත් ලිපිත් කියවන්න



Share this

Related Posts

Previous
Next Post »

අපගේ ජනප්‍රියම ලිපි