සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්(NaOH) නිෂ්පාදන ක්‍රියාවලිය අධ්‍යයනය කරමු

ඉතින් ඔන්න කාලෙකට පස්සෙ ආයෙමත් අලුත් රසායනික විද්‍යා පාඩමක් ගෙන එන්නට අප තීරණය කළා. ඔයාලා අපි මීට කලින් ගෙන ආ ඇමෝනියා නිෂ්පාදනය කරන ආකාරය පිළිබඳ ලිපිය කියවන්නට ඇතැයි කියා අපි විශ්වාස කරනවා. ඔයාලට ඒ ලිපිය මග හැරුණා නම් පහළ සබැදියෙන් ගිහින් ඒ ලිපිය අනිවාර්යයෙන්ම කියවන්න අමතක කරන්න එපා.


ඉතින් අද දිනයේත් අපි ඔයාලට ගෙනාවෙ රසායනික කර්මාන්ත යටතේ අඩංගු තවත් වැදගත් කර්මාන්තයක් වන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය පිළිබඳවයි. ඉතින් මේ ලිපිය අපේ රසායන විද්‍යාව හදාරන යාලුවන්ට ඉතා වැදගත් වේවි කියලා අපි හිතනවා.




සෝඩියම් හයිඩ්රොක්සයිඩ්  නිෂ්පාදනය




සෝඩියම් සංයෝග වලින් සෝඩියම් ලෝහය නිස්සාරණය කිරීම හැරුනු විට විද්‍යුත් විච්ඡේදන ක්‍රමයක් මගින් සිදු කරනු ලබන ප්‍රධාන කර්මාන්තය සෝඩියම් හයිඩ්රොක්සයිඩ් (NaOH) නිපදවීමයි. NaOH නිපදවීමට යොදා කෝෂ ක්ලෝරො-ක්ෂාර කෝෂ නැතහොත් ක්ලෝරො ඇල්කාලි කෝෂ ලෙස හැදින්වේ.

මීට අදාළ වන කෝෂ වර්ග 3කි
  • රසදිය කෝෂ
  • ප්‍රාචීර කෝෂ
  • පටල කෝෂ


මේ අතරින් රසදිය වල විෂ සහිත බව නිසා රසදිය කෝෂය වර්තමානයේ භාවිතා නොකරයි. ප්‍රාචීර කෝෂය තවමත් භාවිතා කරන නමුත් පරිසර දූෂණය සහ සංශුද්ධ තත්වයෙන් ඉහල ඵලදාවක් අපහසුවන නිසා ප්‍රාචීර කෝෂද භාවිතය අඩුය.

පටල කෝෂ ක්‍රමය



වර්තමානයේ කෝස්ටික් සෝඩා නිපදවීමට යොදා ගන්නා පටල කෝෂ ක්‍රමයේ මූලධර්ම සොයා බලමු.

පළමුව මුහුදු ජලය පිරිසිදු කිරීමෙන් බ්‍රයින් ද්‍රාවණයක් සාදා ගනියි. බ්‍රයින් ද්‍රාවණයක් යනු සාන්ද්‍ර Nacl ද්‍රාවණයකි.

පටල කෝෂයේ ටයිටේනියම් ඇනෝඩයක් සහ නිකල් කැතෝඩයක් භාවිතා කරන අතර එම ඉලෙක්ට්‍රෝ දෙක  අතරට යොදා ඇත්තේ වරණීය කැටායන හුවමාරු පටලකි. එය පටල කෝෂය, ප්‍රාචීර කෝෂයෙන් වෙන්වන ප්‍රධානතම අංගය වේ.

Ni කැතෝඩය අසලදී Na ධන අයන විසර්ජනය නොවන අතර ජල අනු විසර්ජනය වී හයිඩ්රජන් වායුව පිට කරයි. කැතෝඩ කුටීරය තුල ජල අණු විසර්ජනය වෙමින් හයිඩ්රජන් වායුව පිට වන නිසා කැතෝඩ කුටීරයේ (-) ආරෝපිත බව වැඩිවේ.

Ti ඇනෝඩය අසලදී ක්ලෝරයිඩ් අයන විසර්ජනය වී ක්ලෝරීන් වායුව පිටවේ.

විද්‍යුත් විච්ඡේදනය සිදු කර ගෙන යන විට කැතෝඩ කුටීරයේ (-) ආරෝපිත බව වැඩි වන අතර එය උදාසීන කිරීම සඳහා ඇනෝඩ කුටීරයේ ඇති සෝඩියම් අයන ප්‍රවාහයක් ලෙස කැතෝඩ කුටීරයට යවනු ලැබේ. මෙහිදී බහු අවයවික අයන හුවමාරු පටලයෙන් සෝඩියම් අයන පහසුවෙන් කැතෝඩ කුටීරයට යවන ක්ලෝරයිඩ් අයන එසේ යවන්නේ නැතමේ නිසාම අයන හුවමාරු පටලය වරණීය පටලය ලෙසද හැඳින්වේ.

පටල කෝෂයේදී කැතෝඩයෙහි සෑදෙන හයිඩ්රොක්සිල් අයන ඇනෝඩ කුටීරයට පැමිණ එහි සෑදෙන ක්ලෝරයිඩ් අයන සමඟ ප්‍රතික්‍රියා වීමේ අවධානමක් ඇති නොවෙන්නේ පටලය ඇනායන හුවමාරු නොකරන බැවිනිමේ නිසාම විද්යුත් විච්චේදනය අවසානයේදී කැතෝඩ කුටීරයෙන් NaOH ද්‍රාවණයක් ඉවත් කර ගෙන භාගික වශයෙන් වාෂ්පීකරණය කිරීමෙන් NaOH ස්ඵටික එනම් කෝස්ටික් සෝඩා ලබා ගත හැකිය.

විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලියක් නිසා අඩු විභවයක් සහ වැඩි ධාරාවක් භාවිතා කල යුතු නමුත් පටල කෝෂ ක්‍රමයේදී භාවිතා වන්නේ සාපේක්ෂව අඩු ධාරාවක් බැවින් බලශක්ති සංරක්ෂණයක්ද සිදුවේ.


කෝස්ටික් සෝඩා නිපදවීමේ පටල කෝෂ ක්‍රමයෙහි ප්‍රධාන වාසි 3කි.
  • නිපදවෙන NaOH ඉහළ සංශුද්ධතාවයකින් යුක්ත වීම.
  • අඩු විදුලි ප්‍රමානයක් භාවිතා වීම.
  • පාරිසරික බලපෑම අවම වීම.



NaOH වල ප්‍රයෝජන

කාබන්ඩයොක්සයිඩ්, සල්ෆර්ඩයොක්සයිඩ් වැනි ආම්ලික වායු අවශෝෂණයට

පහසු සුලභ ප්‍රබල භෂ්මයක් ලෙස රසායනාගාර වල භාවිතා කිරීම

කඩදාසි කර්මාන්තයේදී භාවිතා කිරීම

සබන් නිෂ්පාදනය සදහා අමුද්‍රයක් ලෙස භාවිතා කරයි.




මෙම ලිපිය හැකිතරම් පහතින්  Facebook, Twitter, Linkedin හා Google Plus යන සමාජ ජාල වෙත share කිරීමට කාරුණික වන්න 

Share this

Related Posts

Previous
Next Post »

අපගේ ජනප්‍රියම ලිපි