සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්(NaOH) නිෂ්පාදන ක්‍රියාවලිය අධ්‍යයනය කරමු

ඉතින් ඔන්න කාලෙකට පස්සෙ ආයෙමත් අලුත් රසායනික විද්‍යා පාඩමක් ගෙන එන්නට අප තීරණය කළා. ඔයාලා අපි මීට කලින් ගෙන ආ ඇමෝනියා නිෂ්පාදනය කරන ආකාරය පිළිබඳ ලිපිය කියවන්නට ඇතැයි කියා අපි විශ්වාස කරනවා. ඔයාලට ඒ ලිපිය මග හැරුණා නම් පහළ සබැදියෙන් ගිහින් ඒ ලිපිය අනිවාර්යයෙන්ම කියවන්න අමතක කරන්න එපා.


ඉතින් අද දිනයේත් අපි ඔයාලට ගෙනාවෙ රසායනික කර්මාන්ත යටතේ අඩංගු තවත් වැදගත් කර්මාන්තයක් වන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය පිළිබඳවයි. ඉතින් මේ ලිපිය අපේ රසායන විද්‍යාව හදාරන යාලුවන්ට ඉතා වැදගත් වේවි කියලා අපි හිතනවා.




සෝඩියම් හයිඩ්රොක්සයිඩ්  නිෂ්පාදනය




සෝඩියම් සංයෝග වලින් සෝඩියම් ලෝහය නිස්සාරණය කිරීම හැරුනු විට විද්‍යුත් විච්ඡේදන ක්‍රමයක් මගින් සිදු කරනු ලබන ප්‍රධාන කර්මාන්තය සෝඩියම් හයිඩ්රොක්සයිඩ් (NaOH) නිපදවීමයි. NaOH නිපදවීමට යොදා කෝෂ ක්ලෝරො-ක්ෂාර කෝෂ නැතහොත් ක්ලෝරො ඇල්කාලි කෝෂ ලෙස හැදින්වේ.

මීට අදාළ වන කෝෂ වර්ග 3කි
  • රසදිය කෝෂ
  • ප්‍රාචීර කෝෂ
  • පටල කෝෂ


මේ අතරින් රසදිය වල විෂ සහිත බව නිසා රසදිය කෝෂය වර්තමානයේ භාවිතා නොකරයි. ප්‍රාචීර කෝෂය තවමත් භාවිතා කරන නමුත් පරිසර දූෂණය සහ සංශුද්ධ තත්වයෙන් ඉහල ඵලදාවක් අපහසුවන නිසා ප්‍රාචීර කෝෂද භාවිතය අඩුය.

පටල කෝෂ ක්‍රමය



වර්තමානයේ කෝස්ටික් සෝඩා නිපදවීමට යොදා ගන්නා පටල කෝෂ ක්‍රමයේ මූලධර්ම සොයා බලමු.

පළමුව මුහුදු ජලය පිරිසිදු කිරීමෙන් බ්‍රයින් ද්‍රාවණයක් සාදා ගනියි. බ්‍රයින් ද්‍රාවණයක් යනු සාන්ද්‍ර Nacl ද්‍රාවණයකි.

පටල කෝෂයේ ටයිටේනියම් ඇනෝඩයක් සහ නිකල් කැතෝඩයක් භාවිතා කරන අතර එම ඉලෙක්ට්‍රෝ දෙක  අතරට යොදා ඇත්තේ වරණීය කැටායන හුවමාරු පටලකි. එය පටල කෝෂය, ප්‍රාචීර කෝෂයෙන් වෙන්වන ප්‍රධානතම අංගය වේ.

Ni කැතෝඩය අසලදී Na ධන අයන විසර්ජනය නොවන අතර ජල අනු විසර්ජනය වී හයිඩ්රජන් වායුව පිට කරයි. කැතෝඩ කුටීරය තුල ජල අණු විසර්ජනය වෙමින් හයිඩ්රජන් වායුව පිට වන නිසා කැතෝඩ කුටීරයේ (-) ආරෝපිත බව වැඩිවේ.

Ti ඇනෝඩය අසලදී ක්ලෝරයිඩ් අයන විසර්ජනය වී ක්ලෝරීන් වායුව පිටවේ.

විද්‍යුත් විච්ඡේදනය සිදු කර ගෙන යන විට කැතෝඩ කුටීරයේ (-) ආරෝපිත බව වැඩි වන අතර එය උදාසීන කිරීම සඳහා ඇනෝඩ කුටීරයේ ඇති සෝඩියම් අයන ප්‍රවාහයක් ලෙස කැතෝඩ කුටීරයට යවනු ලැබේ. මෙහිදී බහු අවයවික අයන හුවමාරු පටලයෙන් සෝඩියම් අයන පහසුවෙන් කැතෝඩ කුටීරයට යවන ක්ලෝරයිඩ් අයන එසේ යවන්නේ නැතමේ නිසාම අයන හුවමාරු පටලය වරණීය පටලය ලෙසද හැඳින්වේ.

පටල කෝෂයේදී කැතෝඩයෙහි සෑදෙන හයිඩ්රොක්සිල් අයන ඇනෝඩ කුටීරයට පැමිණ එහි සෑදෙන ක්ලෝරයිඩ් අයන සමඟ ප්‍රතික්‍රියා වීමේ අවධානමක් ඇති නොවෙන්නේ පටලය ඇනායන හුවමාරු නොකරන බැවිනිමේ නිසාම විද්යුත් විච්චේදනය අවසානයේදී කැතෝඩ කුටීරයෙන් NaOH ද්‍රාවණයක් ඉවත් කර ගෙන භාගික වශයෙන් වාෂ්පීකරණය කිරීමෙන් NaOH ස්ඵටික එනම් කෝස්ටික් සෝඩා ලබා ගත හැකිය.

විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලියක් නිසා අඩු විභවයක් සහ වැඩි ධාරාවක් භාවිතා කල යුතු නමුත් පටල කෝෂ ක්‍රමයේදී භාවිතා වන්නේ සාපේක්ෂව අඩු ධාරාවක් බැවින් බලශක්ති සංරක්ෂණයක්ද සිදුවේ.


කෝස්ටික් සෝඩා නිපදවීමේ පටල කෝෂ ක්‍රමයෙහි ප්‍රධාන වාසි 3කි.
  • නිපදවෙන NaOH ඉහළ සංශුද්ධතාවයකින් යුක්ත වීම.
  • අඩු විදුලි ප්‍රමානයක් භාවිතා වීම.
  • පාරිසරික බලපෑම අවම වීම.



NaOH වල ප්‍රයෝජන

කාබන්ඩයොක්සයිඩ්, සල්ෆර්ඩයොක්සයිඩ් වැනි ආම්ලික වායු අවශෝෂණයට

පහසු සුලභ ප්‍රබල භෂ්මයක් ලෙස රසායනාගාර වල භාවිතා කිරීම

කඩදාසි කර්මාන්තයේදී භාවිතා කිරීම

සබන් නිෂ්පාදනය සදහා අමුද්‍රයක් ලෙස භාවිතා කරයි.




මෙම ලිපිය හැකිතරම් පහතින්  Facebook, Twitter, Linkedin හා Google Plus යන සමාජ ජාල වෙත share කිරීමට කාරුණික වන්න 

පොත් කියවන්න කැමති ඔයාලා වෙනුවෙන් අලුත් සේවාවක් මෙන්න

Bookprices.lk


අද අපි කතාකරන්න යන්නේ ඉතා ප්‍රයෝජනවත් වෙබ් අඩවියක් වන bookprices.lk පිලිබදවයි. Bookprices.lk  යනු පොත් වල මිල සැසදීම හා එම පොත් ගෙදරටම ගෙන්වා දී කාලය සහ මිල මුදල් ඉතිරි කර දෙන සේවාවකි.  Bookprices.lk  හරහා ඔබ සොයන ඕනෑම පොතක් ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාවේ පවතින පොත් සාප්පුවල සදහන් මිල ගණන් සංසන්දනය කර ඔබට අවම මිල ගණන් එකම තැනක පෙන්වයි . ඉන්පසු ඔබ පොතක් මිලදී ගතහොත් වෙබ් අඩවිය හරහා ඔබට ඉතාමත් පහසුවෙන් එම පොත ගෙදරටම ගෙන්වා ගත හැක. ඔවුන් ඔබ සදහා එම පොත අදාල පොත්හලෙන්ම මිලදී ගනු ඇත . ඉන්පසු ගාස්තුවක් යටතේ ඔබ හට බෙදා හැරේ . එසේ නොමැති නම් කොළඹ පිහිටි ඔවුන්ගේ කාර්යාලය වෙත ගොස් පොතේ මිලටම ලබා ගැනීමටද හැකිය

එසේම ඔවුන්ගේ නවතම Bookprices Mobile App  එක ඔබට Google Play Store එක හරහා නොමිලේම download කරගැනීමටද හැකිය. එය බොහෝ දෙනෙකු අතර දැනටමත් ජනප්‍රිය වී හමාරය . එමගින් ඉහත ක්‍රියාවලිය තවත් පහසු කරයි . සදහා ඔබ කලයුත්තේ පොතක barcode එක ඔබේ Android Smart Phone එක හරහා scan කර සෙව්මක් දැමීම පමණි. එතුලින්ම ඔබට පොත ලබාගත හැකි මිල ගණන් පෙන්වයි. පැය ගණන් ඔබ පොත් සොයමින් මහමග ගෙවා දැමීමට සිදුවන කාලය ඉතිරි කරදෙයි .

ඒවගේම ඔබ සොයන පොත ලංකාවේ නොමැති නම් ඒ සදහා විශේෂ ඇනවුමක් හරහා එය දින කිහිපයක් ඇතුලත නිවසටම ගෙන්වාදී මට ඔවුන් කටයුතු කරයි



එසේම ඔබට වෙබ් අඩවියෙහි ඇති Target Price ක්රමය භාවිතා කිරීමෙන් ඔබට අවශ්‍ය පොතක් සදහා ඔබ කැමති මිල ගණනක් ලබාදිය හැක. පසුව වෙබ් අඩවිය හරහා ඔබට එම මුදලට පොත ලබාගැනීමට හැකි නම් ඔබේ Email ගිණුම හරහා දන්වයි .මේ සදහා අවශ්‍ය වන්නේ ඔබේ Email ලිපිනය සමග මිල ගණන අදාල වෙබ් පිටුවේ සදහන් කර set target price බොත්තම click කිරීම පමණි.

මෙම සුවිශේෂතා වලට අමතරව bookprices.lk හි සිංහල පොත් වලට අමතරව විදේශීය පොත් දහසකට අධ්ක ප්‍රමාණයක් ඇත . ඒවා ඔබට පහසුවෙන් සොයා ගැනීමට විවිධ කාණ්ඩ  32 කට බෙදා වෙන්කර ඇත . ඔබට අවශ්‍ය ඕනෑම පොතක් පොතේ නම, කතුවරයා හෝ Isbn අංකය හරහා පහසුවෙන් හා ඉක්මනින් සොයා ගත හැකඑසේම ශ්‍රී ලංකාව තුල ජාත්‍යන්තර පාසල් වල විෂය නිර්දේශයට අදාල පොත් සියල්ලක්ම වගේ අන්තර්ගත වේ.

වගේම ඔබට කාලයෙන් කාලයට පොත් සදහා විවිද දීමනා ලබා ගැනීමටද හැකිවේවි. මෙම දීමනා සදහා අවශ්‍ය තොරතුරු වෙබ් අඩවියේ නිල Facebook පිටුවට හෝ  Twitter පිටුවට යාමෙන් දැනගැනීමට හැකිය . මෙම ලිපිය අවසානයේ ඇති link හරහා ගොස්  bookprices.lk සමාජ ජාල පිටුවෙත පිවිසිය හැක.

Bookprices facebook පිටුවට like කිරීමෙන් හා Twitter ගිණුම Follow කිරීමෙන් මෙම වට්ටම් හා දීමනා පිළිබද දැනුවත් වන්න.


ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු හදුනා ගනිමු

මීට පෙර අප ඔබට ගෙන ආ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ලිපියේදී අප රට ශ්‍රී ලංකා ලෙස නම් කළ බව සදහන් කළා මතක ඇති, එම ව්‍යවස්ථාව තුළින් එවකට තිබූ අග්‍රාණ්ඩුකාර ධූරය අහෝසි කෙරුණු අතර නාමමාත්‍රික ජනාධිපති තනතුර පිහිටවනු ලැබීය.

ඒ අනුව ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ ප්‍රථම ජනාධිපතිවරයා වූයේ විලියම් ගොපල්ලව මැතිතුමායි. 1977 මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයගත් අතර එහිදී එම පක්ෂයේ නායක වූ ජේ.ආර්.ජයවර්ධන මැතිතුමා අගමැති බවට පත්විය. පසුව 1978 ජාතික ව්‍යවස්ථාව තුළින්  විධායක ජනාධිපති ධූරය ඇති කරලනු ලැබීය. විධායක ජනාධිපතිවරයා සතුව බලතල රැසක් විය.

අද දක්වා මෙම විධායක ජනාධිපති ධූරය ක්‍රියාත්මක වන අතර පසුගිය කාලය පුරාවට මේ පිළිබඳව දැඩි කතාබහක් ඇතිවූ බව නොරහසකි.

ශ්‍රී ලංකාවේ ජනාධිපති ලැයිස්තුව මෙසේය

  • විලියම් ගොපල්ලව මැතිතුමා  -  1972-1978
  • ජේ.ආර්.ජයවර්ධන මැතිතුමා -  1978-1989
  • ඩී.බී.විජේතුංග මැතිතුමා -  1993-1994
  • චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය - 1994-2005
  • මහින්ද රාජපක්ෂ මැතිතුමා -  2005-2015
  • මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා -  2015 - අද දක්වා 

ජේ.ආර්.ජයවර්ධන මැතිතුමා 


රණසිංහ ප්‍රේමදාස මැතිතුමා 


ඩී.බී.විජේතුංග මැතිතුමා 


චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය 



මහින්ද රාජපක්ෂ මැතිතුමා 



මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 



මෙම ලිපිය ඔබගේ මිතුරන්ටත් කියවීමට Facebook,Twitter,Linkedin,Google Plus යන ඔබගේ සමාජ ජාල වෙබ් අඩවි වෙත බෙදා ගැනීමට අමතක නොකරන්න 



අපගේ අනෙකුත් ලිපිත් කියවන්න 



පාංශු ව්යූහය බෝග වගාවට කෙසේ බලපාන්නේ දැයි විමසමු




මීට පෙර ලිපියකදී අප ඔබට වැදගත් පාංශු භෞතික ලක්ෂණයක් වන පාංශු වයනය පිළිබඳව වැදගත් කරුණු ගෙන ආවා ඔබට මතක ඇති. අද දිනයේ අප අවධානය යොමු කිරීමට සැරසෙන්නේ තවත් වැදගත් පාංශු භෞතික ලක්ෂණයක් වන පාංශු ව්යූහය පිළිබඳවයි.

පාංශු ව්යූහය(Soil Structure)

පාංශු ව්යූහය යනු ස්වභාවික තත්ව යටතේ පස් අංශු එකට එකතු වී සෑදී ඇති සමූහනවල රූපාකාරය හෙවත් ස්වරූපය ලෙස හැදින්විය හැකිය.

වැලි, මැටි හා රොන්මඩ යන අංශු සමූහනය වන්නේ පස් අංශු බන්ධනකාරක මගින් එකිනෙකට බැදීම තුළිනි. මෙම බන්ධන කාරක ලෙස කාබනික ද්‍රව්‍ය, ශාක හා සත්ත්ව ස්‍රාව, ජලය, මැටි හා කැල්සියම් ලවණ ආදිය ක්‍රියා කරයි.

මෙම පාංශු ව්යූහ ආකාර නිරීක්ෂණය කිරීම සදහා සාමාන්‍ය ගඩොල් කැටයක ප්‍රමාණයේ පස් කුට්ටියක් ගෙන දින කිහිපයක් පවනේ වේලෙන්නට හැර මීටර 1.5ක පමණ උසක සිට බිමට වැටෙන්නට සැලැස්වීම තුළින් කළ හැකිය. එහිදී ඔබට පස් කුට්ටිය සමූහනවලට කැඩී බිදී යනවා දැකිය හැකි වනු ඇත.

මෙලෙස වෙන්වන පාංශු සමූහනවල ස්වභාවික රූපාකාරය හොදින් නිරීක්ෂණය කළහොත් එමගින් එහි ව්යූහ ආකාර හදුනාගත හැකිවනු ඇත.

ලෝකයේ පස් කැටිතිවල රූපාකාරය විස්තර කිරීම සදහා පිළිගත් ආකාර 12කි. නමුත් ශ්‍රී ලංකාවේ දැකිය හැකි ප්‍රධාන ව්යූහ ආකාර 3කි. කණිකාමය, තනි කණිකා, ස්ථම්භික, අණු කෝණාකාර කුට්ටි හා කැටිති එම ආකාර හතරයි. මේවා අතුරෙන් බහුලවම දැකිය හැකි වන්නේ කැටිති(Crumb) ව්යූහයයි.




ප්‍රශස්ත අයුරින් ජලය හා වාතය රදවා ගත හැකිවීම හා මනා ජලවහනයකින් යුක්ත වීම හේතුවෙන් කැටිති ව්යූහය බෝග වගාවට වඩා සුදුසු වේ.


පසක ව්යූහය විනාශවන ආකාර

·         අනිසි ලෙස බිම් සැකසීම

·         පාංශු ඛාදනය අධික වීම

·         සෝඩියම් ලවණ අධික වීම

·         ජලවහනය දුර්වල වීම

පාංශු ව්යූහය ආරක්ෂා කිරීමට ගත හැකි පියවර

·         නිසි ආකාරයෙන් පාලනයකින් යුතුව බිම් සැකසීම

·         පාංශු සංරක්ෂණ හා පුනරුත්තාපන ක්‍රම යෙදීම

·         පසට කාබනික ද්‍රව්‍ය යෙදීම
(

(
(උපුටා ගැනීම - කෘෂි හා ආහාර තාක්ෂණය - 10 ශ්‍රේණිය ) 

ලෝකය කැළඹු එතෙක් මෙතෙක් හොදම ඡායාරූප 10 බලමුද



ඡායාරූපකරණය යනු බොහෝ දෙනෙක් ප්‍රිය කරන ක්ෂේත්‍රයක් වගේම ගොඩ දෙනෙක් සිය ජීවන වෘත්තිය ලෙස කරගෙන යන ක්ෂේත්‍රයක්.

ඡායාරූපයකට චිත්‍රයක් සේම ලොකු අර්ථයක් හා ලොකු කතාවක් කියන්නට පුලුවන් මේ නිසාම මෙය කලාවක් වගේම සමාජයට ගැඹුරු පණිවිඩයක් ලබාදිය හැකි මාධ්‍යයක්ද වනවා.

පසුගිය දිනවල Google Plus සමාජ ජාලය තුළ සැරි සැරූ අපට අපගේ මිතුරකු Share කර තිබූ ආකර්ෂණීය post එකක් දැකගත හැකි වූ අතර එමගින් දැක්වූණේ ලෝකයේ එතෙක් මෙතෙක් හොදම ඡායාරූප පිළිබඳවයි. එම ඡායාරූප බැලූ අප ගොඩක් සංවේදී වූවා සේම ඡායාරූපයකට කෙතරම් ලොකු පණිවිඩයක් මිනිස් සිතට කාවැද්දිය හැකිදැයි අවබෝධ කර ගතිමු

මේ නිසාම වෙනම ලිපියක් තුළින් එම ඡායාරූප ඔබ හමුවේ තැබීමට අප තීරණය කළෙමු.......

























(මෙම ඡායාරූප උපුටා ගත්තේ Google Plus සමාජ ජාලයෙනි)

මෙම ලිපිය ඔබගේ මිතුරන්ටත් කියැවීමට Facebook, Twitter, Google Plus හා අනෙකුත් සමාජ ජාල තුළට බෙදා ගන්නා ලෙස ඔබෙන කාරුණිකව ඉල්ලා සිටිමු.

අපගේ අනෙකුත් ලිපිත් කියැවීමට අමතක නොකරන්න.....












අපගේ ජනප්‍රියම ලිපි