ලෝකයේ දිගම ගංගා පිළිබඳව තොරතුරු දැනගනිමු

 ඉතින් මුලින්ම කියන්න ඕනෙ සිංහල සබ්ජෙක්ට්ස් බ්ලොගය පරිශීලනය කරන සහ කරපු යහලුවන්ට ගොඩක් ස්තූතියි කියලා. අපේ බ්ලොග් අඩවිය ගැන ගොඩ දෙනෙක් හොද කතා කලා. ඉතින් ඒ වගේ හොද අදහස් වලින් අපි ගොඩක් තෘප්තිමත් වෙලා අපේ බ්ලොගය තුලින් තවදුරටත් හොද ලිපි ලියන්න තීරණය කළා.
ඉතින් අපේ බ්ලොගයේ අරමුණ තමයි ඉගෙන ගන්න හා තමන්ගේ දැනුම වැඩිකරගන්නට කැමති සියලු දෙනාටම අත්වැලක් වෙන එක. අදත් අපි ඔයාලගෙ සාමාන්‍ය දැනීම හා රසාස්වාදය වැඩි කරන්නට ඔයාලා ආසා හිතෙන ලිපියක් අරන් ආවා.

කලින් අපි ඔයාලට ගෙනාපු ලෝකයේ උසම කදුවැටි ගැන ලිපිය ඔයාලා කියවන්න ඇති කියලා මම හිතනවා. අද අපි ගෙන එන්න යන්නේ ලෝකයේ දිගම ගංගා පිළිබඳව විස්තර.

ඔයාලා දන්නවානේ ලෝකයේ දිගම ගංගාව නයිල් ගංගාව කියලා. ලංකාවේනම් දිගම ගංගාව මහවැලි ගග. නමුත් මහවැලි ගග දිගින් යුක්ත වෙන්නෙ 335km පමණයි. නමුත් ලොව දිගම ගංගාව වන නයිල් ගග දිගින් 6650km වෙනවා. ඉතින් මේ ලෝකයේ දිගම ගංගා රටවල් කිහිපයක් වගේම මහද්වීප හරහා ගලා බසිනා ඉතා දිගු ගංගා. මේ ගංගා පිහිටි රටවල් ඔවුන්ගේ ආර්ථික දියුණුව සදහා ගොඩක් ලොකු දායකත්වයක් මේවායින් ලබා ගන්නවා .




1.      නයිල් නදිය


අප්‍රිකාවේ පිහිටා ඇති ලෝකයේ දිගම ගංගාව වන්නේ නයිල් ගංගාවයි. සුඩානය, ටැන්සානියාව, ඊජිප්තුව වාගේ රටවල් හරහා වැටී තිබෙන මේ ගංගාවෙන් අතිවිශාල ජනතාවක් සේවය සලසා ගනු ලබනවා. පෙර ආදි කාලයේ නයිල් නදී නිම්නය වැනි ශිෂ්ඨාචාර පවා මේ ගග ආශ්‍රිතව බිහිවී තිබුණා.





2.      ඇමේසන් ගංගාව


ලෝකයේ දිගම ගංගාව නයිල් වූවත් ලෝකයේ විශාලතම ගංගාව වන්නේ ඇමේසන් ගංගාවයි. මේ ගංගාව බ්‍රසීලය, පේරු, කොලොම්බියාව හා ගයනාව යන රටවල් හරහා වැටී තිබෙනවා. ඇමේසන් වැසි වනාන්තරය තුළින් පැමිණෙන සියලුම කුඩා ජල දහරා දරාගෙන මුහුදට ගලා බසිනා මේ යෝධ නදිය අතිවිශාල මිරිදිය ප්‍රමාණයක් සාගරයට මුදාහරිනු ලබනවා. එය කොතෙක්ද යන්න ඔබ ඇසුවොත් පුදුම වනවා නොඅනුමානය. ඇමේසන් ගං මෝය සිට 160km පමණ දුරක් යනතුරු මුහුදු ජලයේ කිසිදු ලවණ ගතියක් නොමැති බව ඔබ ඇසුවොත් ඔබට කෙතරම් ජල ධාරාවක් මේ ගංගාව ගෙන යන්නේදැයි සිහියට නගාගත හැකිය. සමහර ස්ථානවල මේ ගංගාවේ පළල කිලෝමීටර 20-30 ටත් වඩා වැඩිය




3.      යැන්ටිසි ගංගාව


චීන සමාජවාදී ජනරජය හරහා ගලා බසිනා මේ ගංගාව දිගින් 6418 ක් පමණ වනවා. මෙය නැගෙනහිර චීන මුහුදට ගලා බසිනවා.




4.      මිසිසිපි මිසෝරි ගංගාව


කිලෝමීටර 6275 ක් දිගින් යුක්ත මේ ගංගාව මෙක්සිකෝ ගල්ෆ් ප්‍රදේශයෙන් මුහුදට එකතු වෙනවා. මෙම ගංගාව ඇමරිකාවේ විශාල ප්‍රදේශයක් හරහා ගලා බසිනා ඉතා වැදගත් ගංගාවක් ලෙස දැක්වීමට පුළුවන.




5.      යෙනිසි ගංගාව


රුසියාවේ දිගම ගංගාව වන මෙය මොංගෝලියානු දේශයෙන් ආරම්භ වී ගලා බසිනවා. දිගින් 5539Km පමණය.




6.      කහ ගග


චීනයේ තවත් ප්‍රසිද්ධ ගංගාවක් වන කහ ගංගාව හෙවත් හොවැන්හෝ ගංගාව දිගින් කිලෝමීටර 5464 පමණ වනවා. පැරණි හොවැන්හෝ ශිෂ්ඨාචාරය බිහිවී තිබුණේ මේ ගංගාව ආශ්‍රිතවය. වාර්ෂිකව පිටාර ගලන මේ ගංගාව ආශ්‍රිතව විශාල කෘෂිකාර්මික හා ආර්ථික වාසි චීනය ලබා ගනු ලබනවා.




7.      ඉර්ටීෂ් ගංගාව


දිගින් කිලෝමීටර 5410 පමණ වන ඉර්ටීෂ් ගංගාව ඕබි බොක්කට ගලා බසිනවා. චීනය, රුසියාව, කසකස්ථානය හා මොංගෝලියාව යන රටවල් හරහා මෙය ගලා බසිනවා.





8.      පරාණා ගංගාව


දිගින් 4880km පමණ වන මෙය බ්‍රසීලය, ආර්ජන්ටිනාව, පැරගුවේ හා උරුගුවේ යන රටවල් හරහා ගලා බසිනවා.





9.      කොංගෝ ගංගාව


දිගින් කිලෝමීටර 4700 දිගින් වන මෙය අප්‍රිකාවේ දෙවන දිගම ගංගාවයි. මෙය අත්ලන්තික් සාගරයට ගලා බසින අතර කොගෝ දේශය මෙහි පෝෂණ භූමියයි





10.  අමූර් ගංගාව


දිගින් 4444km වන අමූර් ගංගාව ඔකොටිස් මුහුදට ගලා බසිනවා. රුසියාව, චීනය හා මොංගෝලියාව මෙහි පෝෂණ ප්‍රදේශ වනවා.


අපගේ වෙනත් ලිපිත් කියවන්න 




අවසානය

දැන් ඔබට ලෝකයේ දිගම ගංගා පිළිබඳව යම් අවබෝධයක් ලැබෙන්නට ඇතැයි කියා මා හිතනවා. ඉදිරියේදීත් ඔබගේ සාමාන්‍ය දැනීම වර්ධනය උදෙසා මෙවැනි ලිපි සම්පාදනය කරන්නට අප සූදානම්. ඒ සදහා අපව දිරිගැන්වීම කලහැක්කේ ඔබටයි. මෙය හැකිතරම් සමාජ ජාල තුලට share කර ඔබගේ සහයෝගය අපට ලබාදෙන මෙන් ඉල්ලමි.

පස සෑදීමේ ක්‍රියාවලිය පිළිබදව ගවේෂණය කරන්නට ඔබ සූදානම්ද

යාලුවෝ සියලු දෙනාටම සුභ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා.
ඉතින් අද මේ මම ඔයාලට ගෙන එන්නෙ කෘෂිකර්මය විෂයට අදාල ලිපියක්. ඉතින් මේ ලිපිය අපේ දැනුම සාගරය තුළ කිමිදෙන්නට කැමති ඔයාලා හැමෝටම වැදගත් වේවි කියලා මම හිතනවා.

අද මම ඔයාලට ගෙන එන්න යන්නෙ අප ජීවත්වන පොළොවේ ඇති පස් පිළිබදව. ඉතින් ඔයාලා බෝග වගාවේදී හා කෘෂිකාර්මික කටයුතුවලට මේ පස කියන දේ කෙතරම් වැදගත්ද කියලා. ඒ වගේම ඉදිකිරීම් හා ඉංජිනේරු ක්ෂේත්‍රවලදීත් මේ පස කියන සාධකය බොහොම වැදගත්.




පසක් නිර්මාණය වීම

පසක් නිර්මාණය වීම සදහා පාෂාණ අවශ්‍ය වනවා. එම පාෂාණ මගින් පස නිර්මාණය වන ආකාරය මේ විදියට දක්වන්න පුළුවන්.




පාෂාණ ජීර්ණය වීම තුලින් මාතෘ ද්‍රව්‍ය නිර්මාණය වන අතර එම මාතෘ ද්‍රව්‍ය තවදුරටත් වෙනස්වීම්වලට භාජනය එනම් පාංශු ජනනය වීම තුළින් පස නිර්මාණය වනවා.

අප මුලින්ම සලකා බලමු ඉහත සදහන් කල පාෂාණ පිළිබඳව,

පාෂාණ ප්‍රධාන කාණ්ඩ තුනක් අපට හදුනාගත හැකිය.
1.      ආග්නේය පාෂාණ
2.      අවසාදිත පාෂාණ
3.      විපරීත පාෂාණ

දැන් අපි මෙකී පාෂාණ කාණ්ඩ පිළිබඳව වෙන වෙනම තොරතුරු විමසා බලමු

·         ආග්නේය පාෂාණ
ගිනිකදුවලින් පිටතට පැමිණෙන මැග්මා ඝනීභවනය වීම හේතුකොටගෙන මෙම පාෂාණ නිර්මාණය වීම සිදුවනවා. මීට උදාහරණ ලෙස ක්වාට්ස්, බැසෝල්ට්, රයෝලයිට් හා ග්‍රැනයිට් යන පාෂාණ දැක්විය හැකිය. පෘථිවි තලය මත සාපේක්ෂ ව්‍යාප්තිය සලකා බැලූ කල 64.7% ක් ආග්නේය පාෂාණ වේ.

·         අවසාදිත පාෂාණ
කලින් නිර්මාණය වූ ඕනෑම පාෂාණ වර්ගයක් වෙනත් ඕනෑම තැනකට ප්‍රවාහනය වී තැන්පත් වීම තුළින් මෙම පාෂාණ නිර්මාණය වීම සිදුවේ. මීට උදාහරණ විදියට හුණුගල්, වැලිගල්, රොක්සෝල්ට් හා ජේල් ආදිය දැක්වීමට පුලුවන්. පෘථිවි තලය තුළ 7.9% ක ප්‍රමාණයක් මීට අයත්ය.

·         විපරීත පාෂාණ
1.      අවසාදිත පාෂාණ විවිධාකාර පරිසර ලක්ෂණ එනම් අධික උෂ්ණත්වය, පීඩනය හා භූ චලනවලට ලක්වීම හේතුකොටගෙන විපරිණාමය වීම තුළින් මෙම පාෂාණ නිර්මාණය වීම සිදුවනවා. මේවාට උදාහරණ ලෙස කිරිගරුඩ(මාබල්) හා ග්නයිස් යන පාෂාණ දැක්වීමට පුළුවන. පෘථිවි තලය තුළ 27.4% ප්‍රමාණයක් මීට අයත්ය.
පාෂාණ කාණ්ඩ පිළිබඳව අධ්‍යනය කල අපි දැන් විමසා බලමු පාෂාණ ජීර්ණය පිළිබඳව,

පාෂාණ ජීර්ණය

පාෂාණ ජීර්ණය ප්‍රධාන ආකාර දෙකකට සිදුවේ. එනම් භෞතික ජීර්ණය හා රසායනික ජීර්ණය ලෙසය

භෞතික ජීර්ණය
පිපිරීම හා කැබලිවීම වැනි පාෂාණයන්හි භෞතික ස්වරූපය තුළ සිදුවන වෙනස්වීම් මේ යටතේ දැක්විය හැකිය.

රසායනික ජීර්ණය
විවිධාකාර රසායනික ප්‍රතික්‍රියා හා සංසිද්ධි වලට ලක්වීම තුළින් සිදුවන ජීර්ණය මීට අයත්වේ.


පස තුල වන්නා වූ මේ භෞතික හා ජීර්ණය වීම් සදහා බලපාන හේතුකාරක අපට ප්‍රධාන කොටස් තුනක් යටතේ නැවත වර්ගීකරණය කිරීමට පුළුවන
1.      භෞතික කාරක
2.      ජෛව කාරක
3.      රසායනික කාරක


භෞතික කාරක පාෂාණ ජීර්ණයට බලපාන ආකාරය

ඉතා උෂ්ණ කාලවලදී හා ලැව් ගිනි වැනි තත්වයන් වලදීත් උෂ්ණ කාලවලදී උණුසුම හා හිරුඑලිය නිසාත් පාෂාණ අධික ලෙස රත්වේ. මේ රත්වීමත් සමග එක්වරම වර්ෂාව වැනි සංසිද්ධි හේතුකොටගෙන එක්වරම සිසිල් වීමෙන් පාෂාණ එකවරම සංකෝචනයට හා ප්‍රසාරනයට ලක්වේ. මේ නිසා පාෂාණ ඉතා ඉක්මනින් කැබලි වීමට ලක්වේ.

සීත කාලවලදී බොහෝ පාෂාණවල ඇති කුහර තුළ ජලය මිදීම සිදුවේ. මෙමගින් සිදුවන ප්‍රසාරණය නිසා ඇතිවන බලයෙන් බොහෝවිට පාෂාණ කැබලිවීම දැකිය හැකිය.
ගලායන ජලය හා මුහුදු රැල්ල වැනි කාරකයන් නිසාද බොහෝවිට පාෂාණ ජීර්ණය වීම්වලට ලක්වේ. මෙහිදී සිදුවන්නේ ජලය සමග චලනය වන පාෂාණ කොටස් එකිනෙක හා ගැටීම තුළින් කැබලි වීමයි.
එසේම සුළගද පාෂාණ ජීර්ණය සදහා ප්‍රබලව බලපාන්නා වූ භෞතික කාරකයකි. මෙහිදී සුළග මගින් සිදුවන්නේ ගසාගෙන එන පාෂාණ කැබලි එකිනෙක හා ගැටීම නිසා කැබලි වීමයි.



ජෛව කාරක පාෂාණ ජීර්ණයට බලපාන ආකාරය

බොහෝවිට පාෂාණ කුහර තුළ ශාක වර්ධනය වීමත් මුල ඇදී ඇති ආකාරයත් ඔබ දැක ඇති. එවැනි සංසිද්ධීන් නිසා පාෂාණ පිපිරී යාම සිදුවේ. එසේම කුර ඇති සතුන්ට පෑගීම හේතුකොටගෙනද මිනිසා විසින් සිදුකරන කැබලිකිරීම් නිසාද පාෂාණ ජීර්ණය වීම සිදුවේ.



රසායනික කාරක පාෂාණ ජීර්ණයට බලපාන ආකාරය

ජලය, කාබන්ඩයොක්සයිඩ් හා ඔක්සිජන් යන සාධක පාෂාණ ජීර්ණයට බලපාන්නා වූ රසායනික කාරකයන් වේ. මේවා හේතුකොටගෙන සිදුවන ප්‍රතික්‍රියා කිහිපයක් මෙසේ දැක්විය හැකිය


Ø  සජලනය හෙවත් ජලාකර්ෂණය
ජල අණු පාෂාණයට ආකර්ෂණය වීම නිසා පාෂාණය මෘදු වන අතර එමගින් භෞතික ජීර්ණය වේගවත් වීම සිදුවේ.

Ø  ඔක්සිකරණය
පාෂාණය තුළ වන ඛනිජ කොටස් ඔක්සිජන් සමග එකතුවීම නිසා පාෂාණය මෘදු වන අතර එය පාෂාණ ජීර්ණය සදහා බලපානු ලබයි.

Ø  ඔක්සිහරණය
පාෂාණයේ ඛනිජවලින් ඔක්සිජන් ඉවත්වීම හේතුවෙන් ද්‍රාව්‍යතාව වැඩිවේ.

Ø  කාබනීකරණය
පස තුල වන කාබොනික් අම්ලය පාෂාණය සමග ප්‍රතික්‍රියා කර එය ජීර්ණය කිරීම සිදුකරයි.




පාංශු ජනනය


මාතෘ ද්‍රව්‍යවලින් පස නිර්මාණය වීමේ ක්‍රියාවලිය මේ නමින් හැදින්වේ. පාංශු ජනනය සදහා බලපාන සාදක මෙසේ කරුණු වශයෙන් දැක්වීම කළ හැකිය.


·         මාතෘ ද්‍රව්‍යයේ සංයුතිය
මාතෘ ද්‍රව්‍යයේ සංයුතිය අනුව පසේ ගුණාංගයන්ද වෙනස්වීම සිදුවේ. උදාහරණයක් ලෙස ග්‍රැනයිට් පාෂාණවලින් ලැබෙනුයේ රළු වැලි සහිත පසකි. එසේම ඩොලමයිට් වැනි පාෂාණවලින් ලැබෙනුයේ මැටි සහිත පසකි.

·         භූ විෂමතා ලක්ෂණ
උච්චත්වය, භූමියේ බෑවුම හා භූමිය මුහුණලා ඇති දිශාව යනාදියද පාංශු ජනනය සදහා බලපානු ලබයි.

·         දේශගුණික සාධක
වර්ෂාපතනය හා උෂ්ණත්වය යනාදී දේශගුණික සාධකද මීට බලපායි.

·         ජෛව සාධක
ශාක හා සතුන්ද පාංශු ජනනය සදහා බලපාන සාධක වේ.

·         කාලය
පසක් නිර්මාණය වීම ඉතා ඉක්මණින් සිදුවන්නක් නොවේ. ඊට විශාල කාලයක් ගතවේ. මුල් අවස්ථාවලදී සෑදෙන පස අපරිණත පස් නම් වන අතර කාලයක් සමග එය පරිණත තත්වයට පත්වීම සිදුවේ.

පාංශු ජනනයේදී මාතෘ පාෂාණය මත ක්‍රමානුකූලව පස ගොඩ නැගීම සිදුවේ. පාංශු පැතිකඩක් අධ්‍යනය කිරීම තුලින් ඔබට මේ ස්ථරවල පිහිටීම සරලව අධ්‍යනය කිරීම සිදුකළ හැකිය.




පාංශු පැතිකඩ



පසක මතුපිට සිට මව් පාෂාණය දක්වා පාංශු කලාප පෙන්නුම් කරන පසේ සිරස්කඩක් පාංශු පැතිකඩක් ලෙස හැදින්වේ. මෙහි ප්‍රධාන කලාප 4කි.

O කලාපය - කාබනික ද්‍රව්‍ය අඩංගු වන්නේ මේ කලාපයේය.
A කලාපය - නිතරම සේදීමට ලක්වන අතර කාබනික ද්‍රව්‍ය බහුලය
B කලාපය - ඉහළින් ඇති කලාපවලින් සේදී එන ද්‍රව්‍ය තැන්පත්වීම මෙහි සිදුවී ඇත.
C කලාපය - මව් පාෂාණය ජීර්ණය වීම තුළින් මාතෘ ද්‍රව්‍ය මේ කලාපයේ අඩංගුය

මෙම ඉහත සදහන් කරනු ලැබූ පාංශු කලාප නැවත උප කලාපවලට බෙදිය හැකි අතර එම ප්‍රධාන කලාපයන් අතර අතරමැදි ලක්ෂණ වලින් යුතු සංක්‍රාමී කලාපද වේ.

ඉහත O හා A යන පාංශු කලාප එක්ව ගත්කළ මතුපිට පස් ලෙස හදුන්වන අතර එහි ශාක පෝෂක වැඩි නිසා සරු බවින් යුක්තය



අවසානය

පස පිළිබඳව අධ්‍යනය කළ ඔබ මතක තබාගත යුතු කරුණු කිහිපයක්ද වේ. යම් ස්ථානයක පස විනාශ කිරීම පහසුවෙන් කළ හැකි වුවත් පසක් නිර්මාණය වීමට වසර ගණනාවක් ගතවේ. ලංකාව වැනි නිවර්තන කලාපීය රටවල්වල සාමාන්‍යයෙන් පාෂාණ ජීර්ණය වී නැවත පස් අගලක් සෑදීමට වසර 400 -700 ක් පමණ කාලයක් ගතවේ. මේ නිසා පස සුරැකීම හා පාංශු ඛාදනය වැනි කාරණා මගින් පස විනාශ වීම වැලැක්වීම ඔබේත් මගේත් යුතුකමකි.



අපේ අනෙකුත් ලිපි කියවන්න




මෙම ලිපිය තුළින් ඔබ ලබාගත් දැනුම share කර ඔබගේ සමාජ ජාලා මිතුරන්ටත් ලබාදෙන ලෙස ඔබෙන් කාරුණිකව ඉල්ලමි.

අවුකන බුදු පිළිමය ගැන තොරතුරු විමසා බලමු

සිංහල සබ්ජෙක්ට්ස්බ්ලොගය කියවන අපේ යහලුවන් සියලු දෙනාටම ආයුබෝවන්!

ඉතින් අදත් අපේ යාලුවන්ගේ දැනුම වර්ධනය කිරීමේ අරමුණ ඇතිව අපි ගෙනාවා විශේෂාංග ලිපියක්. මේ ලිපිය ඉතිහාසය විෂය අධ්‍යනය කරන යාලුවෝ ඔක්කෝටමත් චිත්‍ර විෂය හදාරන ඔබටත් ඉතා වැදගත් වේවි කියලා මම හිතනවා. ඒ වගේම අපේ කලින් ඉතිහාසය පාඩමත් ඔයාලා කියවන්න ඇති කියලා මම හිතනවා.



අද අපි මේ ගෙනහැර දක්වන්න යන්නේ පැරණි ලාංකිකයන් සතුවූ අපූර්ව කලාත්මක හැකියාව පිළිබිඹු කරන අවුකන බුද්ධ ප්‍රතිමාව පිළිබද තොරතුරු බිදක් .

ශ්‍රී ලංකාවේ බුද්ධ ප්‍රතිමා නෙළීම ආරම්භ වූයේ කවරදාකද යන්න ඉතිහාසය තවමත් ගෙනහැර දක්වන්නේ නැහැ. නමුත් වංශ කතාවලට අනුව නම් ක්‍රි.පූ තුන්වන සියවසේදී දෙවන පෑතිස් රජතුමා ථූපාරාමයේ බුදු පිළිමයක් තැන්පත් කළ බව සදහන් වෙනවා. කොහොමවුනත් ඒ පිළිබදව තවමත් වැඩිදුර සාක්ෂි සොයාගන්නට ඉතිහාසඥයන් අසමත් වෙලා තිබෙනවා.

මහාවංශය සදහන් කරන ආකාරයට දුටුගැමුණු රජතුමා විසින් රුවන්වැලිසෑයේ ධාතු ගර්භයේ බුදු පිළිමයක් තැන්පත් කළ බව සදහන් වෙනවා. ඒ වගේම වසභ රජතුමන් විසින්ද ශ්‍රී මහා බෝධියේ සතර පැතිවල බුදුපිළිම හතරක් කරවූ බවත් වෝහාරික තිස්ස, ගෝඨාභය, ජෙට්ඨතිස්ස මෙන්ම ධාතුසේන යන රජවරුන්ද ගල් හා ලෝහ යොදාගෙන බුදුපිළිම නිර්මාණය කළ බව අපේ පැරණි වංශ කතා හෙලිදරව් කරනු ලබනවා.

මේ වංශ කතා හා අනෙකුත් මූලාශ්‍ර සදහන් කරන තොරතුරු සලකා බලන විට අපට ලංකාවේ බුදුපිළිම නෙළීම අතින් දියුණු තාක්ෂණයක් තිබූ බව අනිවාර්යෙන්ම සැලකිය හැකිය. ඒ බව මනාව පිළිබිඹු කරන ස්ථාන විදියට සමාධි බුද්ධ ප්‍රතිමාව, මාලිගාවිල බුද්ධ ප්‍රතිමාව වගේම දක්වන්න පුලුවන්.

අවුකන බුදු පිළිමය


අනුරාධපුර යුගයේ නිර්මාණය වූ හිටි පිළිම සලකා බලන කල්හි ඉතාම වැදගත් නිර්මාණයක් ලෙස අවුකන බුද්ධ ප්‍රතිමාව සදහන් කරන්න පුලුවන්. මෙය ක්‍රි.ව 5 වන සියවසේ රජකල විශිෂ්ඨ රජෙකු ලෙස සැලකෙන ධාතුසේන රජතුමන්ගේ නිර්මාණයක් ලෙස සැලකෙනවා.

කලා වැව ආසන්නයේ පිහිටා තිබෙන අවුකන ග්‍රාමයේ මෙය පිහිටි බැවින් මෙයට ඒ නම ලැබී තිබෙනවා. කළුගල් පර්වතයේ පූර්ණ උන්නතව පද්මාසනයක් මත වැඩසිටින ආකාරයෙන් නිර්මිත මේ බුදුපිළිමය උසින් අඩි 38යි අගල් 10 ක් පමණ වනවා. දකුණු අතින් අභය මුද්‍රාවත් වමතින් සිවුරු රැල්ල දරා සිටින අයුරින් නිර්මිතයි. ඒකාංශ ක්‍රමය අනුව සිවුර රිද්මයානුකූල වූ රැළි රටාවකින් යුක්ත වන අතර එය ඇගට ඇලුණු ස්වභාවයක්ද දක්නට පුලුවන්. අනුරාධපුර යුගයේ බුද්ධ ප්‍රතිමාවලට ආවේණික වූ සිවුරේ ඇති තනි රැල්ල මෙම පිළිමය තුලින්ද මනාව ඔප්නංවා තිබෙන අයුරු දකින්නට පුලුවන්.

මෙම බුද්ධ ප්‍රතිමාව ධාතුසේන රජතුමන්ගේ නිර්මාණයක් ලෙස පිළිගැනීමට සමහර උගතුන් දක්වන්නේ මැළිකමක් නමුත් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ අදහස වී ඇත්තේ මෙය ධාතුසේන රජතුමන්ගේ නිර්මාණයක් බවයි.

මුහුණු අණ්ඩාකාරව නිමැවී ඇති අතර දෙඇස්වලින් ගැඹුරු හැගීම් විදහා දක්වන බව වියතුන්ගේ අදහස වී තිබෙනවා. හිස මුදුනේ දක්නට ඇති සිරස්පත් බිමට වැටී තිබුණු බවත් පසුව ඒවා සවිකරන්නට ඇතැයි යන්නත් බොහෝ දෙනා විශ්වාස කරනු ලබනවා. මෙහි තිබී සොයාගත් සෙල්ලිපි සදහන් කරන ආකාරයට අවුකන පිළිමයෙහි පද්මාසනය අටවන හා නවවන සියවස් වලට අයත් වූවක් බව සැලකිය හැකි වනවා.


මෙම බුදුපිළිමයෙන් පිළිබිඹු කරනුයේ ගෞතම බුදුරජාණන් වහන්සේ නොව දීපංකර බුදුරජාණන් වහන්සේ බව බොහෝ උගතුන් හා වියතුන් විශ්වාස කරනවා. මන්ද ගෞතම බුදුරජාණන් වහන්සේ පිළිබිඹු කරන බුද්ධ ප්‍රතිමා සාමාන්‍යයෙන් දහ අට රියනක් වූවත් මෙය ඊට වඩා උසින් යුතු වීම එයට හේතුව විදියට සදහන් කරන්නට පුළුවන්. මෙමගින් අභය මුද්‍රාව නිරූපනය කරන අතර එමගින්ද මින් පිළිබිඹු කරනුයේ දීපංකර බුදුරදුන් බව සැලකිය හැකි බව විද්වතුන්ගේ මතයයි.

පැරණි ඉන්දියාවේ කලාව තුල පැවැති විශිෂ්ටත්වය පෙන්නුම් කරන අමරාවතී බුදුපිළිම වල දක්නට ලැබෙන ලක්ෂණ අවුකන බුදුපිලිමයේද දකින්නට හැකි බව දැක්වෙනවා.

අවුකන බුද්ධ ප්‍රතිමාවේ නිර්මාණ ශිල්පියා ගත්කල ඔහුට මානව රූපය පිලිබදව හසල දැනුමක් තිබූ බවට සැලකිය හැකි වනවා. එසේම මෙම පිළිමයේ ලම්භකතවය සැලකූ විට ඉතා පුදුමසහගත කාරණය නම් නාසයට වැටෙන ජල බිදුවක් පා දෙකට හරි මැදින් වැටීමයි. තවත් එවැනිම විශිෂ්ටත්වයට පිළිබිඹු කරන කාරණය නම් සිරුරේ රැළිවල දක්නට ඇති සමාන්තරත්වයයි. කළුගලක් තුළ ඇගිලිවල නියපොතු පවා දක්වා ඇති ආකාරය සලකා බැලූ කල මෙහි නිර්මාණ ශිල්පියා කෙතරම් මානව රූපය පිළිබඳව අවබෝධයකින් යුතු වූවාද යන්න නිගමනයකට එලැබීමට අපට හැකිවනවා නොඅනුමානයි. තවද මින් පෙන්නුම් කෙරෙනුයේ අතීත අපේ පැරණි මුතුන් මිත්තන්ගේ කලාවේ හා තාක්ෂණයේ පැවති විශිඨත්වය නොවේද?

එසේම මෙවැනි නිර්මාණ වලින් යුතු සංස්කෘතියක් ඇති රටක උපත ලබන්නට හැකිවීම ලාංකිකයන් වන අප සැමට ඉමහත් අභිමානයක් බව මගේ අදහසයි.


ඉතින් ඔයාලා ලබාගත්ත මේ දැනුම අනෙක් මිතුරන්ටත් කියවන්න ලබාදෙන්න ඔයාලට පුළුවන්. කරන්න තියෙන්නේ මේ ලිපිය හැකිතරම් Facebook,twitter වැනි සමාජ ජාල තුලට share කිරීම විතරයි. ඒ තුලින් අපගේ මේ බ්ලොගය වර්ධනය කිරීමට හා ජනප්‍රිය කිරීමට උපකාර වන මෙන් ඔබ සියලු දෙනාගෙන් මා ඉල්ලා සිටිනවා


ලෝකයේ උසම කදු පන්ති ගැන දැනගන්න ඔයාලා කැමතිද?

ඉතින් සිංහල සබ්ජෙක්ට්ස් බ්ලොගයේ අපි අදත් ඔයාලගෙ සාමාන්‍ය දැනීම වැඩි කරන්නට ලිපියක් අරන් ආවා. දැනුම වගේම රසවින්දනය වැඩි කරගන්න උත්සහ කරන ඔයාලට මේ ලිපිය හුගක් වැදගත් වේවි කියල මා හිතනවා. ඔයාලගෙ කවුරුහරි කෙනෙක්ගෙන් ලෝකයේ උසම කදුවැටිය මොකක්ද කියලා ඇහුවොත් ඔයාලා අනිවාර්‍යයෙන්ම එවරස්ට් කන්ද කියලා උත්තර දෙනවා කියලා මම දන්නවා. ඒ වගේම ලෝකයේ අනෙකුත් උස් කදුවැටි ගැනත් ඔයාලට කියලා දෙන්න තමා මේ යන්නේ. පහතින් දැක්වෙන්නේ ඒ කිව්ව ලෝකයේ උසම කදු වැටි හා ඒවායේ විස්තර.
ඔයාලා දන්නවාද යාලුවනේ , ලෝකයේ මීටර 7200 ට වැඩි, ඒ කියන්නෙ අඩි 23622 ට වැඩි කදුවැටි 109 ක් තියෙනවා කියලා. නමුත් ලංකාවෙනම් අපේ උසම කදුවැටිය වන පිදුරුතලාගල කන්ද උසින් යුක්ත වෙන්නෙ මීටර 2524 ක් පමණයි.
ඒ වගේම මේ සදහන් කළ උසම කදුවැටිවලින් බොහෝ ප්‍රමාණයක් පිහිටලා තියෙන්නේ දකුණු හා මධ්‍යම ආසියාවේ. ඒ කියන්නේ හිමාලය හා ටිබෙට් ආශ්‍රිතව

1.      එවරස්ට් කදුවැටිය


මීටර 8848 ක් උසින් යුතු මෙය නේපාලයේ පිහිටා තිබෙනවා



2.      K2 ශිඛරය


මීටර 8611 ක් උසින් යුතු මෙය කාශ්මීර් ප්‍රදේශයේ පිහිටා තිබෙනවා



3.      කන්චෙන්ජුන්ගා


උස මීටර 8586



4.      ලොට්සි


උස මීටර 8511



5.      මකාලු


උස මීටර 8465



6.      ධවලගිරි

උස මීටර 8167



7.      මනාස්ලු


උස මීටර 8163



8.      නන්ගා එර්බාට්


උස මීටර 8126



9.      ඇනප්රූනා 1


උස මීටර 8091



10.  ගසෙර්බ්‍රට්



උස මීටර 8080 

අපගේ ජනප්‍රියම ලිපි