එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිබද ගැඹුරින් සොයා බලමු

හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ගොඩ දවසකින් ලිපියක් ලියන්නත් බැරිවුනු නිසා අදත් මම ගෙනාවා ඔයාලගෙ දැනුම වැඩිකරන්නට තවත් ඉතිහාසය පාඩමක්. මේ ලිපිය ඉතිහාසය විෂයට වගේම ඔයාලගෙ සාමාන්‍ය දැනීම වැඩිකරන්නටත් හුගක් ඉවහල් වේවි කියලා මම හිතනවා. ඒ වගේම අපේ කලින් ඉතිහාසය පාඩම ඔයාලා කියවන්න ඇති කියලත් මම හිතනවා. කියවන්න බැරිවුනු කෙනෙක් ඉන්නවනම් පහළින් ගිහින් කියවන්න එහෙනම්,




ඉතින් අද අපේ ලිපිය තුළින් ගවේෂණය කරන්නට සූදානම් වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිබදව අධ්‍යනය කරන්නටයි. ඔයාලා දන්නවා ඇති ලෝක ප්‍රජාවගේ සංවර්ධනය හා සාමය උදෙසා මේ සංවිධානය කරන සේවය කොතෙක්ද කියලා, අපි මුලින්ම විමසා බලමු මේ සංවිධානය ආරම්භ වුනේ කොහොමද කියලා,



එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බිහිවීම

ඇමරිකානු එක්සත් ජනපති ප්‍රෑන්ක්ලින් ඩෙලානෝ රූස්වෙල්ට්, සෝවියට් සමූහාණ්ඩු ජනපති ජෝසප් ස්ටාලින් සහ බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්ච්ල් යන එවකට ලෝක බලවතුන් තිදෙනා විසින් කරනු ලැබූ සාකච්ඡාවේ ප්‍රථිපලයක් විදියට ලෝක සාමය පවත්වාගෙන යාම සදහා ජගත් සංවිධානයක අවශ්‍යතාව වැටහී ගියා. මේ සාකච්ඡා පැවැත්වුනේ 1943 වසරේදී ඉරානයේ ටෙහෙරාන් නගරයේදී, ඉතින් ඉහත නායකයන් ගනු ලැබූ තීරණය සදහා මූලික ප්‍රතිපත්ති මාලාව 1945 වසරේදී ඇමරිකාවේ සැන්ෆ්රැන්සිස්කෝවල පැවැති සමුලුවේදී සකස් කරනු ලැබූවා. මේ සකස් කළ ප්‍රතිපත්ති මාලාවට රටවල් පහකින් අනුමැතිය ලැබුණු අතර 1945 වසරේ ඔක්තෝබර් 24 දිනයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහිවූවා. මේ නිසා ඔක්තෝබර් 24 දිනය එක්සත් ජාතීන්ගේ දිනය ලෙස නම් කොට තිබෙනවා.




එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමේ අරමුණු

  • ·         ජාත්‍යන්තර රටවල් අතර ආරක්ෂාව හා සාමය පවත්වාගෙන යෑම
  • ·         සාමාජික ජාතීන් අතර මිත්‍ර සබදතා වර්ධනය කරලීම
  • ·         ආර්ථික, සාමාජීය, සංස්කෘතික හා මානුෂීය ආදී ගැටුම් හා ප්‍රශ්න විසදාලීම
  • ·         මානව අයිතිවාසිකම් මෙන්ම මූලික නිදහස තහවුරු කිරීම උදෙසා ජාත්‍යන්තර සහයෝගය සාක්ෂාත් කර ගැනීම
  • ·         පොදු අරමුණු ඉටුකර ගැනීම සදහා ජාතීන්ගේ මූලස්ථානයක් ලෙස කටයුතු කිරීම







එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ව්යූහය

එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රධාන ආයතන හයකින් යුක්ත වනවා
1.      මහා මණ්ඩලය
2.      ආරක්ෂක මණ්ඩලය
3.      ආර්ථික හා සාමාජීය කටයුතු සදහා මණ්ඩලය
4.      භාරකාර මණ්ඩලය
5.      ජාත්‍යන්තර අධිකරණය
6.      මහලේකම් කාර්‍යාලය
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන මූලස්ථානය ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ පිහිටා තිබෙන අතර එහි ශාඛා ලොව පුරා ප්‍රධාන රටවල පිහිටා තිබෙනවා.
දැන් අපි බලමු ඉහත ප්‍රධාන හයෙහි කාර්‍යන් මොනවාද කියලා




මහා මණ්ඩලය
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලුම රටවල් නියෝජනය කරන ප්‍රධාන ආයතනය වන්නේ මෙම මහා මණ්ඩලයයි. සෑම අවුරුද්දකම සැප්තැම්බර් මාසයේ මෙම සභාවේ නිත්‍ය සැසිවාරය පැවැත්වෙනවා. එහෙම වුනත් ආරක්ෂක මණ්ඩලයේ ඉල්ලීමක් පරිදි හෝ සාමාජිකයන් බහුතරයකගේ ඉල්ලීමක් අනුව මහා මණ්ඩල විශේෂ රැස්වීම් කැදවන්නට විධි විධාන යොදා තිබෙනවා. මේ මහා මණ්ඩලය තුළදී සෑම රටක්ම ක්‍රියාත්මක වන්නේ සමාන පදනමක් තුළින් වගේම සෑම සාමාජික රටකටම එක ඡන්දය බැගින් බැගින් හිමිවනවා.
එක්සත් ජාතීන්ගේ ප්‍රතිපත්ති වලට අනුව සෑම කාරණයක් පිළිබඳවම සාකච්ඡා කොට නිර්දේශ ඉදිරිපත් කිරීම මහා මණ්ඩලය විසින් කරනු ලබනවා. සාමය ආරක්ෂා කිරීම, අධ්‍යාපනික, සංස්කෘතික, සාමාජීය, ආර්ථික හා වෙනත් අන්තර්ජාතික ගැටලු පිළිබදව යෝජනා ඉදිරිපත් කිරීමත් මෙය මගින් සිදුකරනු ලබන ප්‍රධාන කාර්‍යයන් අතර කැපී පෙනෙනවා.
ආරක්ෂක මණ්ඩලයේ නිර්දේශ අනුව මහලේකම් පත් කිරීම, ජාත්‍යන්තර අධිකරණයේ විනිශ්චයකාරවරුන් පත්කිරීම වගේම සංවිධානයට නව සාමාජිකයන් බදවා ගැනීමත් සිදුකරන්නේ මේ මහා මණ්ඩලය විසිනි.




ආරක්ෂක මණ්ඩලය
මෙහි සාමාජිකයින් 15 දෙනෙකු වන අතර නිත්‍ය සාමාජිකයින් පස්දෙනෙකුගෙන් යුක්ත වනවා. ඒ පස් දෙනා තමයි ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, රුසියාව හා චීනය යන රටවල්. මෙම පස්දෙනාට අමතරව අනෙක් සාමාජිකයින් දස දෙනාගේ සාමාජිකත්වය වසර දෙකකට සීමා වනවා. ආරක්ෂක මණ්ඩලය විසින් ගන්නා වූ තීරණ පිළිගෙන ඒ අනුව අවශ්‍ය පියවර ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනෙකුත් සාමාජිකයින් බැදී සිටිනවා.



ආර්ථික හා සාමාජයීය කටයුතු පිළිබද මණ්ඩලය
මෙම මණ්ඩලයේ සාමාජිකයන් 54 දෙනෙකු වන අතර සාමාජික කාලය වසර තුනකට සීමා වනවා. මේ වසර තුනට පසුව නව මණ්ඩලයක් තෝරාපත් කරගනු ලබනවා.
මෙම මණ්ඩලයේ අරමුණ තමයි අන්තර්ජාතික සහයෝගය තුළින් මානව සංහතියේ ආර්ථික හා සාමාජීය වර්ධනය වැඩිදියුණු කරලීම.

මෙම ආර්ථික හා සාමාජීය කටයුතු පිළිබද මණ්ඩලය විසින් සිය කටයුතු ඉටුකර ගැනීම සදහා අනුබද්ධ ආයතන ගණනාවක් උපයෝගී කොටගනු ලබනවා.

  1. ·         ජාත්‍යන්තර කම්කරු සංවිධානය
  2. ·         ආහාර හා කෘෂිකර්ම සංවිධානය
  3. ·         එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික හා සංස්කෘතික සංවිධානය
  4. ·         ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
  5. ·         ලෝක සෞඛ්‍ය සංවිධානය
  6. ·         එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල
  7. ·         වෙළදාම හා සංවර්ධනය පිළිබද එක්සත් ජාතීන්ගේ සම්මන්ත්‍රණ මණ්ඩලය
  8. ·         තීරු බදු හා වෙළදාම පිළිබද පොදු සම්මුතිය
  9. ·         ප්‍රතිසංස්කරණ හා සංවර්ධනය පිළිබද අන්තර්ජාතික බැංකුව


යන ආයතන ඒ අතර ප්‍රධාන වනවා



භාරකාර මණ්ඩලය
භාරකාර මණ්ඩලයේ ප්‍රධාන කාර්‍යය වූයේ එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතික භාරකාර ක්‍රමය යටතට ගනු ලැබූ ප්‍රදේශ පාලනය කිරීමයි. මුල් අවධියේ මේ යටතේ භාරකාර රාජ්‍යය 11 වූ නමුත් පසුකාලයේ මේ රාජ්‍යය වලත් නිදහස් ආණ්ඩුක්‍රම පිහිටවනු ලැබීම නිසා 1980 න් පසුව භාරකාර රාජ්‍යය සියල්ල අවසන් වූවා.



ජාත්‍යන්තර අධිකරණය
එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ විවිධ ආයතනයන් වලට අවශ්‍යය නීති උපදෙස් ලබාදීම මෙහි ප්‍රධාන කාර්‍යය වනවා. යම්කිසි සාමාජික රටකට සිය රටේ පැනනැගී ඇති යම් ගැටලුවක් නිරාකරණය කර ගැනීමට මෙම අධිකරණයේ පිහිට පැතිය හැකි වනවා වගේම සාමාජික රටවල් අතර පැන නගින ආරවුල් සම්බන්ධ නීතිමය විසදුම් ලබා ගැනීම සදහාත් මෙම අධිකරණය යොදාගත හැකි වනවා.

මෙම අධිකරණයේ මූලස්ථානය නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටා තිබෙන අතර සාමාජික රටවල අධිකරණ ක්ෂේත්‍රයේ ඉහලම තනතුරක් දරන්නෝ සහ ජාතික නීතිය පිළිබඳව විශේෂඥයන් අතරින් විනිශ්වයකාරවරුන් තෝරාපත්කර ගනු ලබනවා

මෙම අධිකරණයේ විනිශ්චයකාරවරුන් 15 දෙනෙක් යුක්ත වනවා වගේම ඔවුන්ගේ නිල කාලය වසර 9 කට සීමා වනවා.


මහ ලේකම් කාර්යාලය
එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ ප්‍රධාන පරිපාලන කාර්‍යාලය වන්නේ මහලේකම් කාර්‍යාලයයි. ආරක්ෂක මණ්ඩලය ගනු ලබන තීරණ පරිදි මහා මණ්ඩලය විසින් වසර පහක කාලයක් සදහා තෝරාපත්කොට ගනු ලබන්නා වූ මහ ලේකම් මෙම මණ්ඩලයේ ප්‍රධානියා වනවා.

ජාත්‍යන්තර සාමයට හානිකර යම් ගැටලුවක් ඇතිවුවහොත් එය කෙලින්ම ආරක්ෂක මණ්ඩලයට යොමු කිරීමට මහලේකම්ට බලය ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලය පළමුවරට රැස්වූයේ ක්‍රි.ව 1946 ජනවාරි 10 වැනි දින බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරයේදීය. ඒ සදහා සාමාජිකයන් 31 දෙනෙකු සහභාගි වූ අතර පළමු මහලේකම් වරයා වූයේ නෝර්වේ ජාතික ට්‍රිග්වලීය(1946 – 1952). ඉන්පසු ස්වීඩනයේ ඩැග් හැමර්වෙල්ඩ් එම තනතුරට පත් වූයේය. ඉන්පසුව මහලේකම්වරයා බවට පත්වූයේ බුරුම ජාතික යූ - තාන් මහතාය. එතුමා එම තනතුරට පත්වූ පළමු ආසියාතිකයාද වුණා. ඔහුගෙන් පසුව කොෆී අනන් මහලේකම් ධූරයට පත්වූ අතර වර්තමානය වනවිට එම තනතුර දරනු ලබන්නේ දකුණු කොරියානු ජාතික බෑන්කී මූන් මහතායි.

බෑන්කී මූන් මහතා




එක්සත් ජාතීන්ගේ සංවිධානය සාමය සදහා ගත් ප්‍රයත්න

·         පරමාණු බලශක්ති කොමිසම පිහිටුවීමෙන් සංගමයේ වැඩ කටයුතු ආරම්භ වූ අතර මෙයින් සිදුවූයේ පරමාණු බලශක්ති පාලනය කිරීමයි.
·         එක්සත් ජාතීන්ගේ මණ්ඩලය විසින් විසදූ ප්‍රථම අර්බුදය වූයේ ඉරානය තුල රැදී සිටි රතු හමුදාවන් ඉවත් කරලීමයි. මෙහිදී රුසියාවට තම හමුදා ඉවත්කොට ගැනීමට සිදුවූයේ ආරක්ෂක මණ්ඩලය ඔවුන්ට ලබාදුන් නියෝගයකට අනුවයි
·         එවකට බ්‍රිතාන්‍යය හා ප්‍රංශය සතුව පැවති සූවස් ඇළ ඊජිප්තුවේ ජනාධිපති අබ්දුල් ගමාල් නසාර් විසින් ජනසතු කළ අවස්ථාවේදී ඊශායලය විසින් ඊජිප්තුව ආක්‍රමණය කරන ලදී. මේ අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම ගැටලුවට මැදිහත්වී එය සමථයකට පත්කරලූවා පමණක් නොව තවත් ලෝක යුද්ධයකින් ලෝකය ආරක්ෂා කරනු ලැබූවා
·         ක්‍රි.ව. 1960 – 1970 දශකය තුල අප්‍රිකානු රටවල් අධිරාජ්‍යයවාදයට එරෙහිව ගෙනගිය ව්‍යාපාරයට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ආධාර සපයනු ලැබූවා.
·         එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ආයතන විසින් මනුෂ්‍ය සංහතිය උදෙසා උදාර සේවයක් ඉටුකොට ඇත. ආහාර හා කෘෂිකාර්මික සංවිධානය විසින් ලොව පුරා රටවල ආහාර නිෂ්පාදනය වැඩි කිරීමට පියවර ගෙන ඇත.
·         ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසූරිය රෝගය ලොවින් තුරන් කිරීමට දායක වී ඇත.




දැන් ඔබට එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එහි අරමුණු, ව්යූහය පිළිබදවත් හොද දැනුමක් ලැබෙන්නට ඇතැයි කියා මා සිතනවා. ඔබ මෙයින් යම් දැනුමක් ලබාගත්තේනම් එය ඔබේ ෆේස්බුක් හා අනෙකුත් සමාජ ජාල වෙත share කරන මෙන් ඔබෙන් කාරුණිකව ඉල්ලනවා.(මෙම ලිපිය සකස් කරනු ලැබූයේ 11 වසර ඉතිහාසය පෙළපොත ඇසුරෙනි )



රූපවාහිනිය මේ තරම් දුර විකාශනය වූයේ කෙසේද

ඔන්න ඉතින් අදත් මම ආවා ඔයාලගෙ දැනුම වැඩි කරන්නට ලිපියක් අරන්. මීට කලින් අප සාමාන්‍ය දැනීම පිලිබදලියූ ලිපි මාලාව ඔයාලා කියවන්නට ඇති කියලා මම හිතනවා.

අද ඉතින් රූපවාහිනිය කියන යන්ත්‍රය ගැන නොදන්න කෙනෙක් නැහැනෙ. තොරතුරු සන්නිවේදන ක්ෂේත්‍රයේ පෙරළියක් ඇතිකරනු ලැබූ මේ අපූරු යන්ත්‍රය පිළිබදව ඉතිහාසගත තොරතුරු ටිකක් විමසන්නට තමයි අපේ මේ වෑයම.




රූපවාහිනිය ඇරඹුනේ කොහොමද?
1844 දී පාවුල් නිවුකොමි නැමැති ජර්මන් ජාතික විද්‍යාඥයා සර්පිලාකාර හැඩ සිදුරු සහිත භ්‍රමණ රවුමක් උපයෝගී කරගෙන රූප සම්ප්‍රේෂණය කළ හැකි බව ලොවට පෙන්වා දෙනු ලැබූවා. 1900 දී රූප නළය(PIcture Tube) නිපදවනු ලැබූ අතර එමගින් ඉලෙක්ට්‍රොනික සම්ප්‍රේෂණ ක්‍රමද වර්ධනය වීම සිදුවූවා.




ජෝන් ලොගී බෙයාර්ඩ්


ස්කොට්ලන්ත ජාතික ජෝන් ලොගී බෙයාර්ඩ් විසින් 1926 දී ලොව ප්‍රථම රූපවාහිනිය බිහිකරනු ලැබූවා. 1932 වසරේදී රේඩියෝ කෝප්‍රරේෂන් ඔෆ් ඇමරිකා සමාගම විසින් සම්පූර්ණයෙන්ම ඉලෙක්ට්‍රොනික වූ රූපවාහීනියක් සාදා එහි ක්‍රියාව ප්‍රදර්ශනය කරනු ලැබූවා. මේ සදහා අයිකොනොස්කෝප් නම් කැමරා ජාලය යොදා ගනු ලැබූවා. ලොව ප්‍රථම රූපවාහිනිය බිහිකළ බෙයාර්ඩ්ට සිය නිපැයුමෙන් ආර්ථික වාසි විශාල ලෙස ලබාගැනීමට නොහැකි වූවා. ඔහුගේ නිපැයුම් අනුකරණය කළ මාර්කෝනි රී.එම්.අයි ආයතනය නිපදවූ රූපවාහිනී තාක්ෂණය බී.බි.සි ය විසින් පිළිගැනීම නිසා 1936 වන විට ලොගී බෙයාර්ඩ්ට තරගයෙන් ඉවත්වීමට සිදුවූවා.
ප්‍රථම රූපවාහිනිය 





රූපවාහිනියේ විකාශය
රූපවාහිනී යන්ත්‍රය සදහා ඇතිවූ දැඩි ඉල්ලුම නිසා ඒ සදහා පරියේෂණ මෙන්ම ආයෝජනද වැඩිවන්නට වුනා. 1936 වසරේදී රේඩියෝ ඔලිම්පියා සමාගමද තරගයට එක්වූවා. 1954 තරම් වනවිට සුලු මධ්‍යම පාන්තිකයන්ට පවා රූපවාහිනී යන්ත්‍රයක් මිලදී ගැනීමට හැකිවන තත්වයක් උදා වුනා. වර්ණ රූපවාහිනී තාක්ෂණය හදුන්වාදෙන ලද්දේද 50 දශකයේදීය.




අධිරූපණ තාක්ෂණය
දැනට භාවිතාවන තාක්ෂණික උපක්‍රමය වන පැතලි තිරය වෙනුවට කැතෝඩ කිරණ නලය රූපවාහිනියට හදුන්වාදීම ලෝකය ලැබූ විශාල ජයග්‍රහනයක් වුනා. දැනට අප භාවිතා කරන සදෘශ්‍ය හෙවත් ප්‍රතිසම ඉදිරි පියවරකි.




අධිරූපණ රූපවාහිනී සංඛ්‍යාත(Digital) ක්‍රමයට වාර්තා කිරීමෙන් රූප ප්‍රක්ෂේපනය කිරීම සිදුවේ.

වර්තමානය වනවිට LCD,LED රූපවාහිනී දක්වා මෙය විකාශනය වී ඇත. 3D තාක්ෂණය තුලින් නැවුම් වූ අත්දැකීම් අප විසින් වර්තමානය වනවිට අත් දකී. එසේම අන්තර්ජාලය තුළට සම්බන්ධවිය හැකි රූපවාහීනී යන්ත්‍රද දැන් පැමිණෙමින් පවතී. ඉදිරියේදී මෙය තව තවත් දියුණු වී නව ලක්ෂණ දැකිය හැකිවනු ඇත.

අපගේ ජනප්‍රියම ලිපි