වෛරස වලට ඔබ බය විය යුත්තේ ඇයි? වෛරස පිළිබද ගැඹුරින් අධ්‍යනය කරමුද?

 ලෝකයේ ඇති ජීවීන් ප්‍රධාන වශයෙන් අසෛලීය ජීවීන් හා සෛලීය ජීවීන් ලෙස වර්ගීකරණය කළ හැකිය. එයිනුත් සෛලීය ජීවීන් නැවත ඒකසෛලික හා බහුසෛලික ජීවීන් ලෙස වර්ග කළ හැකි අතර අසෛලීය ජීවීන් වෛරස හා ප්‍රියෝන ලෙස වර්ගකර දැක්විය හැකිය.

            1977 දී කාර්ල් වුසේගේ සෛලීය ජීවීන් පිළිබද නූතන වර්ගීකරණයට අනුව වර්ගීකරණය කර ඇත්තේ සෛලීය ජීවීන් පමණකි. නමුත් අප මෙහිදී අධ්‍යනය කිරීමට බලාපොරොත්තු වන්නේ ප්‍රධාන අසෛලීය ජීවී කාණ්ඩයක් වන වෛරස පිළිබඳවයි.

වෛරස වල ලක්ෂණ

වෛරස යනු නිදහස් ජිවී ආකාරයක් නොවේ. අසෛලීය ජීවීන්‍ය. සෛලීය සංවිධානයක් රහිතය. ස්වාධීන පරිවෘත්තියක් නොමැත. එනම් ශක්තිය නිපදවීම හෝ ප්‍රෝටීන සංස්ලේෂණය සදහා කිසිදු ස්වාධීන යාන්ත්‍රණයක් නොදරයි. වෛරසයක් ජීවී සෛලයක් තුලට ආසාදනය වූ විට පමණක්, ජීවී ලක්ෂණ පෙන්නුම් කරයි. මිහිමත පුළුල් ව්‍යාප්තියක් පෙන්වන ක්ෂූද්‍ර ජීවී කොට්ඨාශයකි. ඊට හේතුව වන්නේ පියවි ඇසින් දැකිය නොහැකි වීමයි. සාමාන්‍යයෙන් වෛරසයක් ප්‍රමාණයෙන් 20-25nm පමණ වේ. කිසිදු වෛරසයක් සාමාන්‍ය අන්වීක්ෂයකින් නිරීක්ෂණය කළ නොහැකි අතර දැකගත හැකි වන්නේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක් භාවිතයෙන් පමණි. විවිධාකාර හැඩවලින් එනම් විවිධ රූපීය ආකාරවලින් වෛරස දැකගත හැකිය.

Icosadral- මිසතල 


Helical - හේලික්සාකාර 


Filamentous - සූත්‍රිකාකාර 


Head and Tail - හිස සහ වලිගය 






විසතල හැඩැති වෛරස සතුව මුහුණත් රාශියකින් යුක්ත කැප්සිඩයකි. හේලික්සාකාර වෛරස සතුව හේලික්සාකාර/සර්පිලාකාර කැප්සිඩයකි. සියලු වෛරසයන් අන්තර්සෛලීය පරපෝෂිතයන්ය (Obligate Intracelluar Parasites). ප්‍රෝටීන සංස්ලේෂණය සහ ශක්ති ජනනය සිදුවන සෛල ධාරක සෛල ලෙස තෝරා ගනී. එබැවින් වගා කිරීම සදහා සජීවී සෛල භාවිතා කළ යුතුමය.
උදා: කුකුළු සෛල

බැක්ටීරියා රෝපණ මාධ්‍ය වැනි අජීවී මාධ්‍ය තුල වගා කළ නොහැකි අතර වෛරස යනු කුඩාතම වූත් සරලතම වූත් ආසාදන කාරකයන්‍ය. සියලු සෛලීය ජීවීන් වෛරස මගින් ආසාදනය වේ. බොහෝ වෛරස මගින් ආසාදිත ජීවීන්ට රෝග හටගන්වයි. එක් වෛරස දර්ශකයක් සතුව එක් ධාරක විශේෂයක් හෝ පටු ධාරක විශේෂ පරාසයකි. ඒ අනුව මිහිමත සියලු සෛලීය ජීවීන් ආසාදනය කළ හැකිවන පරිදි, ජෛව ගෝලයේ ඇති වෛරස දර්ශ සංඛ්‍යාව මිලියන ගණනකි.

            බැක්ටීරියා ආසාදන හැකියාව සහිත වෛරස, බැක්ටීරියා භක්ෂක(Bacteriophage) වෛරස නම් වේ. ශාක ආසාදන හැකියාව සහිත වෛරස ශාක වෛරස නම් වේ. සතුන් ආසාදන හැකියාව සහිත වෛරස සත්ව වෛරස නම් වේ. බොහෝ ශාක හා සත්ව වෛරස ස්ඵටිකීකරණය කළ හැකිය. ස්ඵටිකීකරණ තත්වයේදී පවා ආසාදන හැකියාවෙන් යුක්ත වේ.

වෛරසවල පොදු මූලික ව්යූහය

සියලු වෛරස සතුව පොදු මූලික ව්යූහයකි. එක් වෛරස අංශුවක්, විරියෝනයක් ලෙස නම් කරනු ලබයි.


Capsomere - කැප්සොමියර 
Nucleid Acid - නියුක්ලික් අම්ල 
Envelope - ආවරණ කොපුව 
Spikes - ස්පයික්ස්- ඛණ්ඨක 


සියලු විරියෝන සතුව කැප්සිඩයකි/ප්‍රාවරයකි/කොපුවකි. කැප්සොමියර(Kapsomere) නම් වන කුඩා, ප්‍රෝටීන අණු/පොලිපෙප්ටයිඩ/, ගණනාවකින් නිර්මිතය. ප්‍රෝටීන වර්ග සුළු සංඛ්‍යාවක, අණු විශාල සංඛ්‍යාවක් ක්‍රමානුකූලව සැකසී ඇත. විරියෝනයකට ලාක්ෂණික සමමිතියක් ලබා දේ. එනම් කැප්සිඩයෙහි කැප්සොමියර සකස් වී ඇති රටාව වෛරසයෙන් වෛරසයට විවිධ වේ. එසේම ආරක්ෂක ස්ථරයක් ලෙස ක්‍රියා කරයි.ධාරක එන්සයිම කෙතරම් ප්‍රබල වූවද වෛරසයට හානි සිදුවීම වැළකේ.

            කැප්සිඩය ඇතුළත හරය නම් වේ. හරය තුළ වෛරස ගෙනෝමය, එනම් වෛරසයෙහි ප්‍රවේණික ද්‍රව්‍ය පවතී. සියලු සෛලීය ජීවීන් සතු එකම ප්‍රවේණික ද්‍රව්‍යය DNA වුවද, ඇතැම් වෛරස තම ප්‍රවේණික ද්‍රව්‍යය ලෙස දරන්නේ RNA ය. ඇතැම් වෛරස සතුව DNA වේ. කෙසේ වූවද එක් වෛරසයක් සතුවන්නේ, එක් න්‍යෂ්ටික අම්ල වර්ගයක් පමණි. ඒවා තදින් දඟර ගැසී පවතී. ශාක ආසදනය කරන සියලු වෛරස සතුව RNA පවතී. සත්ව වෛරස වල DNA හෝ RNA ඇත.

·         DNA සහිත සත්ව වෛරස - හර්පීස් සිම්ප්ලෙක්ස් (Herpis Simplex)
·         RNA සහිත සත්ව වෛරස - ඉන්ෆ්ලුවෙන්සා වෛරස (HIV)

බොහෝ බැක්ටීරියා භක්ෂක වෛරස වල ඇත්තේ DNA ය. සුළු බැක්ටීරියා භක්ෂක වෛරස ප්‍රමාණයක RNA ඇත. බොහෝ වෛරස සතු න්‍යෂ්ටික අම්ල අණු සංඛ්‍යාව එකක් වේ. නමුත් සමහර වෛරස සතුව දෙකක් හෝ කිහිපයක් වේ. බොහෝ වෛරස හරය තුළ, එන්සයිම එකක් හෝ වැඩි ගණනක් අඩංගුය. වඩාත් සුලබ එන්සයිමය වන්නේ පොලිමරේස් ය.

Retroviruses/රෙට්‍රො වෛරස වැනි, ප්‍රවේනික ද්‍රව්‍ය RNA වන වෛරස කාණ්ඩයන්හි හරය තුළ, Reverse Trascriptate නම් එන්සයිමය අඩංගුය. RNA මගින් DNA සංස්ලේෂණය කිරීම එහි කෘත්‍ය වේ. ඇතැම් සත්ව වෛරසයන්හි, කැප්සිඩයට පිටතින් ආවරණ කොපුවකි/වැස්මකි(Envelope) ප්‍රෝටීන, ග්ලයිකොප්‍රෝටීන හා ලිපිඩ වලින් නිර්මිතය. ලිපිඩ වනාහි, ධාරක සෛලයෙහි ප්ලාස්ම පටලයෙන් ලබාගත් ඒවාය. ඉන්ෆ්ලුවෙන්සා වෛරසයෙහි ආවරණ කොපුවේ, ග්ලයිකොප්‍රෝටීන වලින් සැදි කණ්ඨක පිහිටයි.

වෛරසයන්හි විවිධත්වය


1.      බැක්ටීරියා භක්ෂක වෛරස


·         ආවරණ කොපුවක් ඇත
·         ද්විත්වදාව DNA ඇත
·         තනිදාම RNA නැත
·         ධාරක ජීවී ආකාරය බැක්ටීරියා වේ.
·         කැප්සොමියර ආකාර වන්නේ Icasohedral හිස හා Helical වලිගයයි


2.      Herpes වෛරසය


•           ආවරණ කොපුවක් ඇත
          ද්විත්වදාව DNA ඇත
          තනිදාම RNA නැත
          ධාරක ජීවී ආකාරය මිනිසා වේ.
          කැප්සොමියර ආකාර වන්නේ Icasohedralය


3.      AIDS වෛරසය


 •          ආවරණ කොපුවක් ඇත
          ද්විත්වදාව DNA නැත
          තනිදාම RNA ඇත
          ධාරක ජීවී ආකාරය මිනිසා වේ.
          කැප්සොමියර ආකාර වන්නේ Helical

4.      Influensza වෛරසය


 •          ආවරණ කොපුවක් ඇත
          ද්විත්වදාව DNA නැත
          තනිදාම RNA ඇත
          ධාරක ජීවී ආකාරය මිනිසා වේ.
          කැප්සොමියර ආකාර වන්නේ Helical

5.      TMV වෛරසය


•           ආවරණ කොපුවක් නැත
          ද්විත්වදාව DNA නැත
          තනිදාම RNA ඇත
          ධාරක ජීවී ආකාරය ශාකයන් වේ.
          කැප්සොමියර ආකාර වන්නේ Helical



වෛරස ජීවන චක්‍රය

ජාරක චක්‍රයක්(Lysis cycle) ආසාදිත වෛරසයක් විසින් ධාරක සෛලයක් ජාරණය කරන/බිද හෙලන බැවිනි. අවධි 6 කින් යුක්තය. ඒවා නම්,

·         අධිශෝෂණය (adsorption/attachment)
·         විනිවිදීම (Penetration)
·         සංස්ලේෂණය (Synthesis)
·         එක්ලස් කිරීම (Assembly)
·         ඇසිරීම (Packaaging)
·         ජාරණය (Lysis) වශයෙනි.

අධිශෝෂණයේදී වෛරසය තමාට විශිෂ්ඨ වූ ධාරක සෛලය සමග සම්බන්ධ වීම සිදුවේ. ඒ සදහා වෛරසය මතුපිට විශිෂ්ඨ වූ ප්‍රතිග්‍රාහක පිහිටයි. ධාරක සෛලය තුලට ඇතුළු කෙරෙනුයේ, වෛරසයෙහි හරය තුළ අඩංගු දේ පමණි. එනම් න්‍යෂ්ඨික අම්ල හා එන්සයිම වේ. වෛරසයෙහි ඉතිරි කොටස, ධාරක සෛලය මතුපිටට සම්බන්ධවීම පවතී. මෙසේ වෛරසයෙහි හරයෙහි අඩංගු දෑ, ධාරක සෛලය තුළට ඇතුළු කිරීම ‘විනිවිදීම’ නම් වේ.

            ධාරක සෛලය තුළට ඇතුළු වූ විගස, වෛරස ගෙනෝමය විසින්, ධාරක සෛලයෙහි පාලනය තමා යටතට ගනී. ධාරක සෛලයෙහි ප්‍රවේණික ද්‍රව්‍ය බිඳ හෙලනු ලැබේ. ධාරක සෛලයට ආවේණික සංස්ලේෂණ ක්‍රියා නැවැත්වීම සිදු කරයි. ධාරක සෛලය සතු රයිබසෝම උපයෝගී කර ගනිමින්, වෛරස ප්‍රවේණික ද්‍රව්‍ය ආශ්‍රයෙන්, වෛරසයට අවශ්‍ය ප්‍රෝටීන සංස්ලේෂණය කර ගනී. වෛරස න්‍යෂ්ඨික අම්ල ප්‍රතිගුණනය කර ගනී. මෙම ක්‍රියාවලිය “සංස්ලේෂණය” නම් වේ.

            එක්ලස් කිරීමේදී සංස්ලේෂිත ප්‍රෝටීන උපයෝගී කර ගනිමින් කැප්සිඩ තැනේ. වෛරස න්‍යෂ්ඨික අම්ල ඝන වී, තදින් දගර ගැසේ. කැප්සිඩය තුලට වෛරස න්‍යෂ්ඨික අම්ල හා එන්සයිම ඇසිරීම මගින්, නව වෛරස විශාල ප්‍රමාණයක් නිපදවීම ඇසිරීමේදී සිදුවේ. ජාරණයේදී වෛරස ගෙනෝමය ආශ්‍රයෙන් නිපදවනු ලැබූ ජාරක එන්සයිම මගින්, ධාරක ප්ලාස්ම පටලය හා සෛල බිත්ති බිද හෙලනු ලැබේ. වෛරස් අංශු ධාරක සෛලයෙන් පිටතට නිදහස් වේ.


“වෛරස පිළිබද මූලික අර්ථ දැක්වීම මින් නිමයි. ඉදිරියෙදී වෛරස රෝග හා බැක්ටීරියා පිළිබද දැනුම ගෙනහැර පෑමට අප සූදානම්. මෙම ලිපිය තුළින් ඔබ යම් දැනුමක් ලැබූයේ නම් එයයි අපගේ සතුට”

Share this

Related Posts

Previous
Next Post »

අපගේ ජනප්‍රියම ලිපි