සොල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ පිළිබඳව අධ්‍යයනය කරමු

සොල්බරි ආණ්ඩුක්රම ප්‍රතිසංස්කරණ හදුන්වාදුන්නේ 1947 වසරේදීය. මේ පිළිබඳව අධ්‍යනය කරන්නට අද අපි සූදානම්. මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම අපේ සාමාන්‍ය පෙළ ඉතිහාසය හදාරන නංගිලා මල්ලිලාට වගේම වෙනත් ඩිප්ලෝමා හා නීති විෂය මූලධර්ම හදාරන අපේ අනෙකුත් සහෝදර සහෝදරියන්ටත් අදාල වේවි කියලා මං හිතනවා.

            සොල්බරි ආණ්ඩුක්රම ප්‍රතිසංස්කරණයට පෙර හදුන්වාදී තිබුණේ ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයි. එය 1931 – 1947 දක්වා ක්‍රියාත්මක වූවත් එයින් ලාංකිකයින් බලාපොරොත්තු වූ දේවල් ඉටු කරලීමට අසමත් වූවා. එවකට ලංකාව නිදහස් දේශයක් වී තිබුණේ නැහැ. ඩොනමෝර් ආණ්ඩුක්‍රමයෙන් තමා අපේක්ෂා කළ දේ නොලැබුණු නිසා ලාංකිකයින් පූර්ණ වගකිවයුතු ආණ්ඩුක්‍රමයක් හෙවත් ඩොමීනියන් තත්වයක් ඉල්ලමින් උද්ඝෝෂණය කරන්නට වූවා.

            ඉහත තත්වය නිසා 1944 දී සොල්බරි කොමිෂන් සභාව විසින් නව ආණ්ඩුක්‍රමයක් යෝජනා කරනු ලැබූවා.

සොල්බරි සාමි 


සොල්බරි ආණ්ඩුක්‍රයේ ප්‍රධාන ලක්ෂණ


v  එවකට ක්‍රියාත්මක වූ ආණ්ඩුකාර ධූරය අහෝසි කර අග්‍රාණ්ඩුකාර ධූරයක් ස්ථාපනය කල අතර එංගලන්තයේ කිරීටය නියෝජනය කළ ඔහු නාමමාත්‍රික විධායකය විය.

v  ද්වි මණ්ඩල පාර්ලිමේන්තුවක් පිහිටවනු ලැබූ අතර එය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් හා උත්තර මන්ත්‍රී මණ්ඩලයකින් යුක්ත වූවා. උත්තර මන්ත්‍රී මණ්ඩලය සෙනට් සභාව ලෙසද හැදින්වූවා.

v  අගමැතිගේ ප්‍රධානත්වය ඇතිව කැබිනට් මණ්ඩලයක් පිහිටවනු ලැබූවා.

v  අධිකරණ සේවා කොමිසම හා රාජ්‍ය සේවා කොමිසම පිහිටවනු ලැබූවා.

මේ අනුව සොල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යටතේ ශ්‍රී ලංකාවට පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් හිමිවූවා. මෙම ආණ්ඩුක්‍රමය තුල විධායක කටයුතු පැවරුණේ අගමැති ප්‍රධාන කැබිනට් මණ්ඩලයටයි. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීන් අතුරෙන් බහුතර දෙනාගේ සහයෝගය ලබාගත් තැනැත්තාට අග්‍රාණ්ඩුකාරවරයා විසින් අගමැති ධූරය ලබා දෙනු ලැබූවා.

1947 එවකට කැබිනට් මණ්ඩලය


·         මෙහි කැබිනට් මණ්ඩලය තෝරා ගැනුණේ අගමැතිවරයාගේ අභිමතය පරිදිය.
·         මෙහි සාමාජිකයන් අතුරෙන් දෙදෙනෙක් සෙනෙට් සභාවෙන් තෝරා ගත යුතු වූ අතර අධිකරණ අමාත්‍යාංශය අනිවාර්යයෙන්ම සෙනෙට් සභිකයකුට ලබාදීම කළ යුතු විය.

·         සෙසු ඇමැතිවරුන් මහජන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙන් තෝරා ගත යුතු වූ අතර ආරක්ෂක හා විදේශ ඇමැති ධූර අනිවාර්යයෙන්ම අගමැතිවරයා විසින් දැරිය යුතු විය.
ඒ අනුව 1947 වසරේ අගෝස්තු මාසයේදී ලංකාවේ මහමැතිවරණයක් පැවති අතර එහි වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගත් පක්ෂයේ නායකයා වූයේ ඩී.එස්.සේනානායක මහතාය. ඔහු එවකට පළමුවන අග්‍රාණ්ඩුකාරවරයා වූ සොල්බරී සාමි විසින් අගමැති ධූරයට පත් කෙරිණි.

ඩී.එස්.සේනානායක මහතා



සොල්බරි ආණ්ඩුක්‍රමය ප්‍රකාශයට පත් කල 1947 ලංකා රාජඥාව අනුව බ්‍රිතාන්‍ය රැජින ලංකාවේ නායිකාව වශයෙන් පිළිගත යුතු විය. අග්‍රාණ්ඩුකාරවරයා පත්කරනු ලැබූයේ රැජින විසිනි. රැජින වෙනුවෙන් අග්‍රාණ්ඩුකාරවරයා විසින් ඉටුකල යුතු වූ විධායක කටයුතු මෙහෙයවීම පැවරුණේ ඇමැති මණ්ඩලය වෙතයි.

            නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සාමාජිකයින් 101 දෙනෙකුගෙන් සමන්විත වූ අතර එයින් 95 දෙනෙකු සර්වජන ඡන්ද බලයෙන් තෝරා ගැනිණි. ඉතිරි 06 වෙන්වූයේ නියෝජනය නොවූ සුළු ජාතීන් වෙනුවෙනි. පාර්ලිමේන්තුවේ නිල කාලය වසර 5 කට සීමා විය.
උත්තර මන්ත්‍රී මණ්ඩලය සාමාජිකයින් 30 කගෙන් යුක්ත වූ අතර ඔවුන්ගෙන් 15ක් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඡන්දයෙන් පත්වූ අතර ඉතිරි 15 පත්කරනු ලැබූයේ අගමැතිගේ උපදෙස් පරිදි අග්‍රාණ්ඩුකාරවරයා විසිනි.
            ඇමැති මණ්ඩලයේ ප්‍රධානියා අගමැතිවරයා වූ අතර ඇමැති මණ්ඩලය පත් කෙරුණේ අගමැතිවරයාගේ උපදෙස් පරිදි අග්‍රාණ්ඩුකාරවරයා විසිනි.

            රටේ ආණ්ඩුව මෙහෙයවනු ලබන්නේ අමාත්‍ය මණ්ඩලය විසිනි. අග්‍රවිනිශ්යකාරවරයා ඇතුලු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් පත් කරන්නේද අග්‍රාණ්ඩුකාරවරයා විසිනි. අග්‍රවිනිශ්යකරුගේ ප්‍රධානත්වයෙන් යුත් අධිකරණය සේවා කොමිසමක් වූ අතර එය අධිකරණයට සම්බන්ධ විනිශ්චයකාරවරුවන්ගේ පාලන කටයුතු මෙහෙය වීය.

            එසේම, රාජ්‍ය සේවා කොමිසමක් පත් කෙරුණු අතර රාජ්‍යනිලධාරින් පත් කිරීම්, උසස් කිරීම්, සේවයෙන් ඉවත් කිරීම් යනාදියට අදාල පරිපාලන කටයුතු ඒ මගින් ඉටු විය.

            දිවයිනේ මූල්‍ය කටයුතු සම්බන්ධව අරමුදලක් ඒකාබද්ධ අරමුදල නමින් ස්ථාපනයද විය.


Share this

Related Posts

Previous
Next Post »

අපගේ ජනප්‍රියම ලිපි