1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ලක්ෂණ පිළිබඳව විමසා බලමු

මීට ඉහත අප ලියූ ලිපියේ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදුන්වාදුන් ආකාරයත් එහි අරමුණු පිළිබදවත් පැහැදිලි කලා ඔබට මතක ඇති. මෙම ලිපිය තුලින් එහි මූලික ලක්ෂණ අධ්‍යනය කිරීමට අප සූදානම්.

1.      1972 දක්වා අප රට හැදින්වූයේ “ලංකා” යන නාමයෙනි. එය මෙතැන් පටන් “ශ්‍රී ලංකා” යන නාමයෙන් හැදින්වීම ආරම්භ වූවා.

2.      1956 අංක 33 දරණ පාර්ලිමේන්තු පනත මගින් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත්කර තිබුණා. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධානයක් බවට පත් කරනු ලැබූවා.

3.      බුද්ධාගමට ප්‍රමුඛස්ථානයක් ලබා දෙනු ලැබූවා.

4.      ජනතාවට පරමාධ්පත්‍ය බලය හිමිවීම සිදුවූවා.

නිදහසින් පසුව ක්‍රියාත්මක කරනු ලැබූ රාජඥා හා ඇතැම් විධි විධාන අනුව ලංකාවේ පාර්ලිමේන්තුවට පරමාධිපත්‍යය බලය හිමිවූයේ නැහැ. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමුවන පරිච්ඡේදය මගින් ජනතා පරමාධිපත්‍යය පිලිගෙන ඇත.
ü  ජනතා පරමාධිපත්‍යය බලය ක්‍රියාත්මක කරනු ලබන මාර්ග
ü  සර්වජන ඡන්ද බලය
ü  මූලික අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සුරක්ෂිත කිරීම ඒ අතර ප්‍රධාන වේ.

·         1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3-4 වගන්ති

“ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක වන්නේ තෝරා පත්කොට ගනු ලබන ජනතා නියෝජිතයන්ගෙන් සමන්විත ජාතික රාජ්‍ය සභාව මගිනි.”

·         ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය

ජනතාව විසින් තෝරාපත් කොට ගන්නා ලද නියෝජිතයන් ගෙන් සැදි ජාතික රාජ්‍ය සභාව මගින් ක්‍රියාත්මක වේ.

·         ජනතාවගේ විධායක බලය

ජනතාව විසින් තෝරාපත් කරගන්නා ලබන මන්ත්‍රීවරුන් අතුරෙන් අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලැබේ.

ජනතාවගේ අධිකරණ බලය යුක්තිය පසිදනු ලබන ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු උසාවි පද්ධතිය මගින් ක්‍රියාත්මක කරනු ලැබේ. එම උසාවි පද්ධතියේ විනිශ්චයකාරවරුන් මහජනතාවගේ නියෝජිතයකු වන අගමැතිතුමාගේ නිර්දේශ පරිදි ජනාධිපති විසින් පත් කරනු ලැබේ.

            මේ අනුව මහජනයා විසින් ව්‍යවස්ථාදායකය හරහා නීති පැනවීමත්, විධායකය හරහා නීති ක්‍රියාත්මක කිරීමත්, අධිකරණය හරහා යුක්තිය පසිදලීමත් කරනු ලැබීය.

5.      අග්‍රාණ්ඩුකාරවරයා වෙනුවට නාමමාත්‍රික ජනාධිපති තනතුර ඇති කරනු ලැබීය

සොල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායිකාව වූයේ බ්‍රිතාන්‍යයේ මහ රැජිනයි. නීති ක්‍රියාත්මක කිරීමත් අධිකරණ විනිශ්චය ලබා දීමත් රැජිනගේ නාමයෙන් ශ්‍රී ලංකාවේ අග්‍රාණ්ඩුකාරවරයා විසින් ක්‍රියාත්මක කරනු ලැබීය. නමුත් 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් අග්‍රාණ්ඩුකාර තනතුර අහෝසි කරනු ලැබූ අතර නාමමාත්‍රික විධායක තනතුර ඇතිකිරීම නිසා එංගලන්තයේ රැජින, රාජ්‍ය නායක ධූරය දැරූ කාලය අවසාන විය. එතැන් පටන් නාමමාත්‍රික ජනාධිපතිවරයා රාජ්‍ය නායක තනතුරට පත් වූයේය. ජනාධිපතිවරයා අගමැති උපදෙස් පරිදි ක්‍රියාකරනු ලැබීය.

1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක කොල්වින් ආර් ද සිල්වා මහතා 



6.      1948 සිට ක්‍රියාත්මක වූ ද්විමණ්ඩල පාර්ලිමේන්තුව වෙනුවට ජාතික රාජ්‍ය සභාව පිහිටවනු ලැබීම.
1972 ව්‍යවස්ථාවට අනුව ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක වන උත්තරීතර ආයතනය වූයේ ජාතික රාජ සභාවයි.

ජාතික රාජ්‍ය සභාව සතු කාර්‍ය භාරය

Ø  ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කිරීම
Ø  මහජන මුදල් පරිපාලනය කිරීම
Ø  මනා පරිපාලනය මගින් රටේ ආරක්ෂාව ලබා දිම
Ø  ජනතාවගේ දුක් ගැනවිලිවලට පිලියම් යෙදීම


7.      1971 හදුන්වා දෙන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනවලට අනුව උත්තර මන්ත්‍රී මණ්ඩලය අහෝසි කරනු ලැබූ අතර නියෝජිත මන්ත්‍රී මණ්ඩලයක් පමණක් විය. එම ඒකමණ්ඩල ව්‍යවස්ථාදායකය 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ද තහවුරු කොට එය ජාතික රාජ්‍ය සභාව ලෙස නම් කරනු ලැබීය.
මේ අයුරින් ජාතික රාජ්‍ය සභාවට තේරී පත්වන මහජන නියෝජිතයන්ගේ මාර්ගයෙන් ජනතාවට පාලනයට හවුල්වීමට අවස්ථාව උදා විය. නව ආණ්ඩුක්‍රමයක් සම්පාදනය කිරීමේ බලයද ඇත්තේ ජනතාවට බව ඉන් සනාථ කොට ඇත.

8.      අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය
1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මහා මැතිවරණයකින් පසුව ආණ්ඩුව පිහිටවන පක්ෂයේ නායකයා අගමැතිවරයා ලෙස පත් වෙයි. අගමැතිවරයා විසින් තමාට හිතවත් ජේෂ්ඨ සාමාජිකයන්ගෙන් යුත් ඇමති මණ්ඩලය පිහිටුවා ගැනේ. මෙම අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විධායකය ලෙස නීති ක්‍රියාත්මක කරනු ලබයි.
            නාමමාත්‍රික විධායකය විසින් ඇමතිවරුන් පත්කරනු ලැබූවත් ඊට උපදෙස් දෙනු ලබන්නේ අගමැතිතුමා විසිනි.

9.      ස්වාධීන අධිකරණය
1947 සිට බල පැවැත්වූ අදාළ රාජඥා පනතක් වෙනුවට 1972 දී නව අධිකරණ රටාවක් බිහිවූ අතර ඊට අදාළ අණපනත් කිහිපයක් මෙසේය.
Ø  1973 අංක 44 දරන යුක්තිය පසිදලීමේ පනත
Ø  කාර්මික හා ආරවුල් පනත
Ø  මුස්ලිම් හා දික්කසාද පනත
ඉහත අණපනත් යටතේ අධිකරණ ආයතන පද්ධතියක් පිහිටු වීය.
·         ශේෂ්ඨාධිකරණය
·         මහා අධිකරණය
·         දිසා අධිකරණය
·         මහේස්ත්‍රාත් අධිකරණය
·         කම්කරු උසාවි
·         ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හා සංශෝධනය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය

මෙම උසාවි පද්ධතියේ ප්‍රධානතම උසාවි දෙක වූයේ ශේෂ්ඨාධිකරණය හා මහා අධිකරණයයි. දිසා අධිකරණය ඒ ඒ දිස්ත්‍රික්කවල සියලුම සිවිල් නඩු පිළිබඳව ක්‍රියාකිරීමට නියමිත විය. මහේස්ත්‍රාත් අධිකරණයට ඒ ඒ දිස්ත්‍රික්කවල සියලුම අපරාධ නඩු පිළිබඳව විනිශ්වය කටයුතු භාර විය.

            කම්කරු උසාවි අධිකරණ සේවා උපදේශක මණ්ඩලය හා අධිකරණ සේවා විනය මගින් ක්‍රියාත්මක විය.
            අධිකරණයේ ස්වාධීනත්වය රැකීම සදහා අධිකරණ සේවා උපදේශක මණ්ඩලය හා අධිකරණ සේවා විනය මණ්ඩලය පිහිටවනු ලැබිණි.

10.  මූලික මිනිස් අයිතිවාසිකම් හා නන්වැදෑරුම් නිදහස
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක ප්‍රථම වතාවට මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ පරිච්ඡේදයක් ඇතුලත් කරනු ලැබූයේ මෙම ව්‍යවස්ථාව මගිනි. එහි 6 වන පරිච්ඡේදයේ 18 වගන්තියෙන් ඉතා පුළුල් ලෙස ශ්‍රී ලංකා වාසී ජනතාව ආරක්ෂා කොට දෙන්නා වූ මූලික මිනිස් අයිතිවාසිකම් දක්වා ඇත.


Share this

Related Posts

Previous
Next Post »

අපගේ ජනප්‍රියම ලිපි